ගෙදර ඉන්න දාට උයන්නෙ තාත්තා හැබැයි හැමදාම එකම කෑම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190606Prathiba-1

වේදිකාවත් සිනමාවත් පුංචි තිරයත් එකලෙස දිග්විජය කළ සොඳුරු කළාකරුවකු පසුගියදා අප අතරින් සඳහටම නික්ම ගියේය.

ඒ ඔහුට ආදරය කරන සුවහසක් රසික පිරිසක්ද ශෝකයට පත් කරමිනි. ප‍්‍රවීන කලාකරු ගාමිණි හෙට්ටිආරච්චි නම් වූ ඔහුගේ දියණිය ප‍්‍රතිභා හෙට්ටිආරච්චි තම පියාණන්ගේ මතකයන් හැඬු කඳුලින් යුතුව අප සමඟ පැවසුවේ මෙලෙසයි.

මුලින්ම කියන්න  ඕනෑ තාත්තා කෙනෙක් විදියට තාත්තාගේ යුතුකම් වගකීම් උපරිමයෙන්ම ඉෂ්ට කරපු චරිතයක්. තාත්තාගේ ජීවිතේ අංක එක වුණේ පවුල. ඊට පස්සේ අනිත් දේවල්.

අද මම යම් තැනක ඉන්නවානම් ඉන්නේ මගේ තාත්තා නිසා. මම අයියා අම්මාගෙන් තොර ජීවිතයක් තාත්තාට තිබුණේ නෑ. හැමදේකදීම පසුපස හිටියා. කලාකරුවෙක් කියන්නෙ කාර්ය බහුල චරිතයක්නෙ නමුත් මට අදටත් හිතාගන්න බෑ තාත්තා රැුකියාවකුත් කරගෙන කලාකටයුතුවල නිරතවෙමින් අපිවත් බලාගෙන කාලය කළමනාකරණය කරගෙන වැඩ කළේ කොහොමද කියලා. මේ අවුරුදු 40ටම තාත්තා නාට්‍ය වලත් වැඩ කලා. තාත්තාට කවදාවත් කලා ක්ෂේත‍්‍රයේ වැඩ අඩු වුණේ නෑ. වැඩ නැති කාලයක් තිබුණෙම නෑ. අපිට කිසිම අඩුවක් කළේ නෑ. හැමදේකදිම ළඟ හිටියා. මට ඉගෙන ගන්න දේවල්වලදී තාත්තා තමයි ළඟින්ම ඉඳලා ඒ දේවල්වලට මාව තල්ලූ කළේ. හැමදේටම දිරියක් වුණේ. මම මොරටුව විශ්වවිද්‍යාලයේ මගේ උපාධිය හැදෑරුවේ. ඉතින් මම හරිම කම්මැලියි සෙනසුරාදා ඉරිදා ඒ දේශනවලට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ හැමදේකදීම මගේ පස්සෙන්ම ඉඳලා උනන්දු කළා. අපි හැමෝගෙම අධ්‍යාපන කටයුතුවලට ගොඩක් ඇප කැප වුණා. මම පුංචි කාලෙදී අමතර පන්තිවලට හැමදේටම එක්කගෙන යන්නේ තාත්තා. ඒ වගේම පොඩි කාලෙදී අපි හරි ආසයි ඇවිදින්න යන්න. අපිව සතියකට වතාවක්වත් එළියට එක්කගෙන ගියා. කන්න බොන්න අරන් දුන්නා. වේදිකා නාට්‍ය බලන්න ගියා. ගෙදරට ඒ විනෝදය ලබා දුන්නා.

 මහා ලොකුවට සල්ලි එකතු කරන්න දැඟලූවේ නෑ. ලොකු බලාපොරොත්තු තිබුණේත් නෑ. එදා දවස සතුටින් ගෙව්වා. මට වුණත් හැමදේම තනියෙන් වැඩ කරන්න ඉගැන්නුවෙත් තාත්තා. ඩ‍්‍රයිව් කරන්න ඉගැන්නුවා. ගැහැණු ළමයෙක්  වුණාම හැමදේම ඉගෙනගන්න  ඕනෑ කියලා. හැමදේම මට කියලා දීලා මගේ පිටිපස්සෙන් හැමදේම බලාගෙන හිටියා. මගේ ජයග‍්‍රහනයන් දැකලා ගොඩාක් සතුටු වුණා.

මුලදී මම රංගනයට එකතු වෙනවට ලොකු කැමැත්තක් තිබුණේ නෑ. ඒ අකමැති වුණේ තාත්තා බය වුණා මම මේ ක්ෂේත‍්‍රයට එකතු වුණාම ඉගෙනගන්නේ නැතිවෙයි කියලා. එතකොට මම උපාධිය 3 වැනි අවුරුද්දේ හිටියේ. තාත්තා කිව්වේ හැමදේටම කළින් ඉගෙනගන්න කියලා. නමුත් මම මගේ පැත්තෙන් හැමදේම කළා. බුද්ධියෙන් වැඩ කිරීම මට හොඳින්ම කියලා දුන්නා. ඒ වගේම  ඕනෑම සමාජයක ජීවත් වෙන විදිය කියලා දුන්නා. මම රඟපානවා දැක්කම සතුටු වුණා. ඒවගේ ප‍්‍රතිචාර මට කෙළින්ම දැක්වුයේ නෑ. නමුත් මගෙ ගෙදර අය එක්ක මගේ රංගනයන් ගැන කියනවා. තාත්තා මට කතා කලේ ‘‘චුටි දු’’ කියලා ඉතින් කට්ටිය එක්ක කියනවා චුටි දූ මටත් වඩා හොඳට දැන් රඟපානවා කියලා. මම ඒ තුළින් සම්මානයන්ට පවා පාත‍්‍ර වුණානෙ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටු වුණා. තාත්තා මගෙත් එක්ක හරිම එකතුයි. අපි යාළුවෝ වගේ. පොඩි කාලෙදිනම් දඟ වැඩ කළාම සැර දානවා. මට නීතිරීති එහෙමත් දාලා තිබුණා.

20190606Prathiba-2

ඒ කොහෙ ගියත් ? වෙන්න කළින් ගෙදර එන්න  ඕනෑ. යාළුවෙකුගේ පාටියට ගියත් රැු වෙන්න කලින් ගෙදර එන්න  ඕනෑ. නැත්නම් දිගටම කතා කරනවා. යාළුවන්ටත් කතා කරලා මට එන්න කියනවා. මගේ යාළුවොත් එක්කත් ගොඩක් එකතුයි.

අපේ අම්මත් කලාවට සම්බන්ධ වෙලා හිටපු නිසා දෙන්නම එක දවසේ රූගතකිරීම්වලට සම්බන්ධ වුණේ නෑ. එක්කෙනෙක් රූගත කිරීම්වලට යනවනම් අනිත් කෙනා ගෙදර ඉන්නවා. තාත්තා ගෙදර ඉන්න දවසට කෑම හැදුවේ තාත්තා. එතකොට ගෙදර හැමදාම එකම කෑම වේල තමයි අපි කෑවේ. තාත්තා හදන්න දන්නේ එකම කෑම ටික. ඒ රතු බතුයි සම්බෝලයි, කරවලයි, අල බැදුමයි, ඒ අල බැදුම මාර රසයි. ඉතින් අම්මා ගෙදර නැත්නම් අපි කෑවේ මේවා තමයි. මම විවාහ වුණා කියලා ගෙදරින් ඈත් වුණේ නෑ. කොයිවේලේත් ගෙදර දුවගෙන ආවා. මමයි මහත්තයයි තනියම ගිය ගමනක් නැති තරම්, අපි ටි‍්‍රප් එකක් ගියත් අම්මා තාත්තා ළඟ හිටියා. මගේ බබාලා දෙන්නටත් මාරම ආදරෙයි.

අපිට තියෙන දුක අපිට තාත්තාට හරියට සලකන්න් බැරි වුණා. මොකද නොහිතපු වේලාවක තාත්තා නැතිවුණේ. ලොකුවට කන්න බොන්න බැරි ලෙඩක් තිබුණේ නැනේ. රෝහලේ ඉද්දි වුණත් විහිළු කර කරා හිටියේ. ලොකු ලෙඩක් තිබුණේ නෑ. වකුගඩුවක් බද්ධ කිරීමක් කලින් කළා. එක 100%ම සාර්ථක වුණා. ඊටපස්සේ හොඳින් වැඩ කළා නමුත් ඒ වෙනුවෙන් පාවිච්චි කරපු බෙහෙත්වලට අක්මාවට හානි වෙලා තියෙනවා. ඒ නිසා තමයි නැතිවුණේ. නමුත් අපිවත් තාත්තාවත් හිතුවේ නෑ ජීවිතේ මේ විදියට නැතිවෙයි කියලා. කලා කටයුතුවලට පවා දින වෙන්කරලා දීලා තිබුණා. අපි තාත්තා බලන්න ගියාමත් හොඳට කතා බහ කළා. ඒ අන්තිම දවසෙත් හොඳට විහිළු කරලා එහෙම හිටියා. තාත්තා කොහොමත් හරි විනෝදෙන්නෙ ජීවත් වුණේ. හරි විනෝදබර චරිතයක්. ඉතින් ඇත්තටම මේ වුණ දේ අපිටත් හීනයක් වගේ. තාත්තා කෙනෙක්ගේ අඩුව කොහොම ද පිරිමහගන්නේ.

 

ධනු විජේරත්න

20190606Prathiba-3