චිත්‍ර කලාවට උපන්හපන්කම් දක්වන නිර්මලා චාන්දනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190611Nirmala-(1)

මානව රූප ඇතුළු ඕනෑම දෙයක් ඇඳීමේ උපන් හපන්කම් දක්වන තරුණියක් පිළිබඳ තොරතුරු මැදගම බකිනිගහවෙල පොල්ගහපිටිය වැලිකඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. ඇය නමින් නිර්මලා චාන්දනීය. තවමත් 24 හැවිරිදි වියේ පසුවන ඇයගේ බලාපොරොතුව චිත්‍ර ගුරුවරයෙකුගේද වැඩිදුරටත් ආභාසය ලබා ගනිමින් රැකියා අවස්ථාවක් උදාකර ගැනීමයි. රටට කිර්තියක් ගෙන ඒමයි. මැදගම නිල්වලාගොඩ ශ්‍රී නිදාරාම විහාරස්ථානයේ විහාරාධිපති මොණරාගල දිස්ත්‍රික් විහාරාධිපති සංගමයේ හා මැදගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, මැදගම චන්දාලෝක හිමියන් ඈ පිළිබඳ දැනුවත් කළ අතර උන්වහන්සේ සමග අප ඇගේ නිවසට ගොඩවැදුනේ එබැවිනි.

කුඩා කල පටන්ම තමන්ට තිබූ හැකියාවන් දක්ෂතාවක් ලෙස ඇය ඉස්මතු කර ගන්නට කටයුතු කර ඇත්තේ උසස්පෙළ විභාගයෙන් අනතුරුව යොමුවූ තොරතුරු තාක්ෂණ පාඨමාලාව අතරතුරදීය. එහිදී ඇයට හමුවන පරිගණක ගුරුවරුන් දෙපළක් වන ඉන්දික හා නිරෝෂා යන ගුරු මහත්ම මහත්මින් දෙපළ ඇගේ මෙම ගමන ශක්තිමත් කරන්නට පළමු අඩිතාලම දමන්නේද සැඟවුණු දක්ෂතාවයන් මතුකරගත්හොත් දිගු ගමනක් යන්නට හැකි බව පවසමිනි.

ඈ එම මතකයන් අප සමග බෙදාගත්තේ මෙලෙසිනි.

“චිත්‍රවලින් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්, ඔයාට ඒ හැකියාව තියෙනවා, ඒ නිසා ඒ හැකියාවන් දියුණු කර ගන්න”  කියලා ඉන්දික සර් මට කිව්වා. මගේ හිතට ඒ අදහස තදින්ම කා වැදුණා. මුලින්ම මම ඒ ඒ අයගේ චිත්‍ර ඇන්ඳා. පස්සේ ටෙක් එකට ආපු පංතියේ හිටපු ළමයින්ගේ චිත්‍ර ඇන්ඳා. ඔපිස් එකේ හැමෝගෙම චිත්‍ර අඳින්න මට පුළුවන් වුණා. ඒ අය මට උදව් උපකාර කළා. මේම වෙනකොට මම විවිධ චිත්‍ර පන්සියකට වැඩිය ඇඳලා තියෙනවා. මම වැඩිපුරම කැමැති පැන්සල් ඩ්‍රෝවින් කරන්න.”

20190611Nirmala-(2)

අතට හසුවන ඕනෑම මානව රූපයක් මනා ලෙස සුදු කොළයක පිටපත් කිරීමටද සමත්කම් දක්වන ඇය, තම මව කිරි කපන අයුරු සිතුවමට නගා ඇති ආකාරය සැබැවින්ම අපූරුය. එසේම විවිධ පුද්ගලයන්ගේ රූප ඇඳ ඇති ආකාරය ඉතාමත් පැහැදිලිය. ඒ නිසාම ගමේ, ප්‍රදේශයේ සංවිධානය කරනු ලබන ඕනෑම උත්සව අවස්ථාවකදී  ඇය ගමට නැතිවම බැරි නිර්මාණකාරිනියක වී හමාරය.

ඈ එම පිළිසඳරේදී මෙලෙසද අප සමග පැවසුවාය.

“මම මේ කලාවට කැමැතියි. මම හිතනවා මේ හැකියාවෙන් මට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. මගේ මේ හැකියාවන් බලලා මට අතදෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවා නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට”

එබැවින් නිර්මාණශිලි ඔබට මෙම දිරිය තරුණියට අතදීමට හැකියාවක් ඇත්නම් එය ඇගේ ඉදිරි ගමනට සැබැවින්ම ශක්තියක් වනු  ඇත.

ඇයගේ දුරකතන අංකය 0715746201

 

වැල්ලවාය - අයි.ආර්.ඉන්දික

20190611Nirmala-(3) 20190611Nirmala-(4) 20190611Nirmala-(5) 20190611Nirmala-(6) 20190611Nirmala-(7)