කසුන් කල්හාරගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190610Charith-(1)පස්සර මධ්‍යය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන කටයුතු නිම කරන ඔහු, නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයෙන් උසස් පෙළ හදාරන්නේය. අනතුරුව සංගීතය පිළිබඳ ඉගෙන ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ඔහු චරිත් ජයනෛත්තිය. මේ කතාබහ ඔහු සමගිනි.

සංගීත නිර්මාණවලට යොමුවන පසුබිම ගැන කතා කළොත්?

මගේ ගම බදුල්ල. කුඩා කාලයේ සිටම සංගීතයට කැමැත්තක් තිබුණා. එය ඉගෙන ගත හැකි පසුබිමකුත් නිර්මාණය වෙලා තිබුණා. මුලින්ම පාසලේ දී සංගීතය ගැන ඉගෙන ගත්තා. ඉන් පසුව හඬ පුහුණුව සඳහා ඉදිරිපත් වුණා. කසුන් කල්හාර තමයි මට ඒ පුහුණුව ලබා දුන්නේ. ඒ තමයි මේ ගමනේ ආරම්භය කියලා මම හිතන්නේ. ඔහුගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉන් පසු නිර්මාණ කරන්න යොමු වුණා.

 

එලෙස සිදු වූ නිර්මාණ කටයුතු සිදු වූ ආකාරය ගැන කතා කළොත්?

මේ පුහුණුවීම් සිදුකරන කාලයේ දී කසුන් කල්හාරගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ කටයුතු සිදුවන විට තනිව කටයුතු කරන්නත්, අවස්ථාව ලැබුණා. කසුන් සිදුකරන සංගීත නිර්මාණයකට දායක වුණා. ‘ජේලර්’ තමයි ඒ ටෙලි නාට්‍යයේ නම. ඉන් පසු 2016 ‘ක්‍රිකට් තීම්’ Song එකට දායක වුණා. ඉන්ද්‍රචාපා, ක්‍රිෂානි, නතාෂා හා මා තමයි එය ගායනා කළේ. පසුව මම සින්දු කිහිපයක් කළා. තනිව වැඩකරගෙන යන්න හිතුවා. ඒ සමග ගීත දෙකක් තව නිර්මාණය කළා. 2016 තමයි එය සිදු කළේ. ඉන් පසුව තමයි මෙය එළිදැක් වූයේ. මේ වෙද්දි වයි.එෆ්.එම්. නාළිකාව ඔස්සේ ගීතය රසවිඳින්න පුළුවන්. ‘හීනයක්’ සහ ‘පමාවී හෝ එන්න’ කියන්නේ මගේ නිර්මාණ. විමල් කැටපේ ආරච්චි තමයි ‘පමාවි හෝ එන්න’  රචනා කළේ. කසුන් කල්හාර එය සංගීතවත් කළා.

ඉදිරි නිර්මාණ කටයුතු ගැන සඳහන් කළොත්?

ඉදිරි මාස දෙකක කාලය තුළ ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ විනෝදාංශයත්, වෘත්තියත් දෙකම මේක තමයි. ආසාවට කරනවා, වෘත්තියක් ලෙසින් කරන්න පසුබිමක් මේ රට තුළ තවම නිර්මාණය වෙලා නැහැ.

0777 822 800

20190610Charith-(2) 20190610Charith-(3)