ඔට්ටුව පට්ට ජනයි-ප්‍රියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190611Janai-1

ජනයි ප්‍රියයි කියන්නේ ලංකවේ කවුරැත් දන්න Youtubers ලා දෙන්නෙක්. අපි පළවෙනි වතාවට තමයි මේ දෙන්නගේ වැඩක් ගැන කතා කරන්නේ. මේ අන්තිමට ජනයි ප්‍රියයි කරපු වැඩේ. Video එකනම් කරලා තියෙන්නේ. ඔට්ටුව කියලා. ඉතාම කෙටි වීඩියෝවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මුළු ධාවන කාලය තත්පර 55 ක්. අපි නරඹන වෙලාව වෙනකොට දෙලක්ෂ හැත්තෑ හය දහක් මේක නරඹලා තිබුණා. දවස් තුනක් ඇතුළත Views ඒ වගේ ප්‍රමාණයක් ලැබීම සුවිශේෂී.

මෙහි අන්තර්ගතය ගැන කතාකරනවා නම් දෙබස් කිහිපයක් පමණයි තියෙන්නේ. ජනයි ප්‍රියයි ඔට්ටුවක් අල්ලන්න හදනවා. අන්තිම දෙබසින් උපහාසයක් මතුවෙනවා. ලොකු දෙයක් මේක ඇතුළේ නෑ. රූපරාමු ඉතාම සීමිත ගාණක් ඇතුළත් වෙනවා. සංස්කරණය වගේ දේවල් ගැන විශේෂයෙන් කතා කරන්න තරම් දෙයක් මේක ඇතුළේ නෑ. නමුත් සමස්තයක් විදිහට වීඩියෝකරණය ගැන කතා කළොත් සියල්ල පරිපූර්ණයි කියලා කියන්න පුළුවන්. වැඩේ කෙටිවුණාට බාලවෙලා නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.

පොදුවේ මේ ජනයි ප්‍රියයි Youtube channel එක ගැන කතා කරනවා නම් Subscribers ලා තුන් ලක්ෂ විසි එක්දහක් විතර තියෙනවා. 2016 ජූනි මාසේ තමයි Channel එක ආරම්භ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මාසයකට ඔවුන් වීඩියෝ 3ත් 5ත් අතර ප්‍රමාණයක් කරනවා. Views සම්බන්ධ ඔවුන්ගේ අරමුණ ඒකෙන් පැහැදිලි වෙනවා. එක වීඩියෝවකට මිලියන ගාණක් Views ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් එහෙම ලැබුණු වීඩියෝත් තියෙනවා.

කොහොමත් දීර්ඝ වීඩියෝ මෙයාල කරන්නේ නෑ. ඒ වගේම සරල වීඩියෝ තමයි කරන්නේ. ඒකම තමයි ජනයි ප්‍රියයි ජනප්‍රිය වෙන්න වෙන්න මූලික හේතුව. ලංකාවේ Youtube ගැලරිය මුහුණදෙන මූලිකම අර්බුදය තමා ඩේටා අර්බුදය. ඒක තේරුම් අරගෙන නිර්මාණකරණයේ යෙදෙන Youtubers ලා සීමිත ගාණයි ඉන්නේ අපේ රටේ. ඒ නිසාම ඒ අය අතරින් ජනයි ප්‍රියයිගේ කෙටි වීඩියෝ ජනතාව අතරට යනවා.

ජනාගේ ඇක්ෂන් නිසා තමා වැඩේ නැගලාම යන්නේ. මුහුණේ හැඩය අමුතු කරලා දාන ඇක්ෂන් එක Hit Action එකක්. ඒ වගේම උච්චාරණයෙත් සියුම් වෙනසක් තියනවා ආකර්ෂණය දිනාගන්න. කොහොම වුණත් මේ දෙන්නගේ වීඩියෝ එකක් නොබලපු කෙනෙක් නම් හොයාගන්න අමාරුයි. අමතක නොවෙන වීඩියෝ මේ ඇතුළේ තියෙනවා. අඩුපාඩුවක් ගැන කතා කරනවා නම් කියන්න තියෙන්නේ සමහර වීඩියෝවල දියාරු බවක් තිබීම. නමුත් ලොකු රසයක් ගෙන එන වීඩියෝත් තියනවා.

කොහොම වුණත් ජනයි ප්‍රියයි කොච්චර ජනප්‍රියද කියනවා නම් අද වෙනකොට ටෙලිවිෂනය ආක්‍රමණය කරන්න ඔවුන් සමත්වෙලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් විතරක් නෙවෙයි වැඩසටහන් පවා අද මේ දෙන්නා ඉදිරිපත් කරනවා.

 

Text - Nisal   /   Pic – Internet