ආශාවරී ළඟදීම රිදී තිරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේ ප්‍රවීණයකු වන තේජා ඉද්දමල්ගොඩගේ කුළුඳුල් සිනමා නිර්මාණය “ආශාවරී” ළඟදීම රිදී තිරයට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

හේමාල් රණසිංහ, ඉෂංකා ජාන්වි, ජයලත් මනෝරත්න, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, සේමිනී ඉද්දමල්ගොඩ, ජයනි සේනානායක, රොහාන් රණතුංග ඇතුළු පිරිසක් මෙම සිනමාපටය සඳහා රංගන දායකත්වය තිබෙනවා.

කැමරාකරණය රුවන් කොස්තා, තිර රචනය සද්දාමංගල සූරියබණ්ඩාර සහ තේජා ඉද්දමල්ගොඩ, සංගිත නිර්මාණය සුරේශ් මාලියද්ද, තනු නිර්මාණය තේජා ඉද්දමල්ගොඩ, පද රචනය නන්දන වික්‍රමගේ සහ කැලුම් ශ්‍රීමාල්, අංග රචනය ඉන්දික උදාර, කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්නගේ, සහය අධ්‍යක්ෂණය දමින්ද මඩවල , ඉදුනිල් දැරනියගල සහ සුගන්ද ජනප්‍රසාද්, ඇඳුම් නිර්මාණය ලසන්ත උඩුකුඹුර විසිනි.

නිරෝෂා විරාජිනි, සුරේන්ද්‍ර පෙරේරා, කුෂානි සදලේකා, සංඛ දිනෙත් මෙම සිනමාපටය සඳහා ගායනයෙන් එක්වේ

20190612Ashawari-(1) 20190612Ashawari-(2) 20190612Ashawari-(3) 20190612Ashawari-(4) 20190612Ashawari-(5)