දශක හතරක ගුවන්විදුලි දිවියට සමුදෙන රජරට සේවයේ සොඳුරු පාලකවරිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190617Radio-1

ජාතික ගුවන්විදුලියේ රජරට සේවයේ පාලකවරිය වන   ශ්‍රියානි සමරනායක නොබෝ දිනකින් සමුදීමට නියමිතය. මෙරට ප්‍රථම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාව ලෙස පිළිගැනෙන රජරට සේවයේ දශක හතරක සේවා කාලයක් සපුරන ඇය, විටෙක නිවේදිකාවක ලෙසත්, විටෙක විශිෂ්ට ශ්‍රේණියේ ගුවන් විදුලි හඩ ශිල්පිනියක ලෙසත්, තවත් විටෙක සෘජු ප්‍රතිපත්තිමය තීරණ වෙත එළැඹි පරිපාලන නිලධාරිනියක ලෙසත් ප්‍රසාදයට ලක් වූවාය.

කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට 1979 අප්‍රේල් මස 12 වැනිදා අනුරාධපුර නගරය කේන්ද්‍රීයව ආරම්භ කළ රජරට සේවයට සම්බන්ධ වූ දැවැන්තයන් සමග අනුරාධපුරය සහ තදාසන්න ප්‍රදේශයෙන් තවත් සන්නිවේදක සහ ශිල්පී කණ්ඩායමක් රජරට සේවයට බඳවා ගනු ලැබූ අතර ශ්‍රියානි සමරනායක මහත්මිය යනු මෙසේ බඳවා ගත් මුල් සන්නිවේදක කණ්ඩායමේ සාමාජිකාවකි. පසුකාලීනව රජරට සේවයේ පාලක තනතුරට පත් වූ එකම කාන්තාවද ඇයයි. එසේ බඳවා ගත් මුල් කණ්ඩායමේ ගමන් සගයින් වූයේ බ්‍රැඩ්මන් ජයවීර, ජෝතිපාල තෙඹුවන, බණ්ඩාර රත්නායක, පාලිත නානායක්කාර, ජී.ඩී. හේමලතා, ලිලී වඩුගේ ආදීන් අතුරින් රජරට සේවා මෙහෙවරට සමුදෙන අවසන් තැනැත්තියද ඇයයි.

20190617Radio-2

1979 වසරේදී කටහඬ පරීක්ෂණයෙන් සමත්ව ලිඛිත පරීක්ෂණයක්ද සහිතව පැවැත්වූ පරීක්ෂණ 05කට සහභාගි වී, ලද පුහුණුවකින් අනතුරුව වර්ෂ 1979 අගෝස්තු මස 01 වැනිදා සහන නිවේදිකාවක ලෙස ඇය රජරට සේවයට පත්වීම් ලබන්නීය. නිවේදිකාවක ලෙස 1988 අප්‍රේල් 01 වැනිදා සේවයෙහි ස්ථිර වන ශ්‍රියානි සමරනායක මහත්මිය ගුවන් විදුලියට සමුදෙනුයේ රජරට සේවයේ පාලකවරිය ලෙසය.

සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ශ්‍රියානි, 1959 වසරේ ජුනි 17 වැනිදාවක උපත ලැබුවාය. 1984 වර්ෂයේදී ගුවන් විදුලි කාර්මික නිලධාරියෙකු වු අතුල විජේසුන්දර මහතා සමග විවාහ වූ ඈ අද ඇය පුතුන් තිදෙනෙකුගේ ආදරණීය මවක්ද වන්නේය.

රජරට සේවය වෙත පත්ව ආ සියලු පාලකවරුන් සහ අධ්‍යක්ෂවරුන් යටතේ සේවය කළ ඈ, පරිපාලන නිලධාරිනියක ලෙස ගුවන් විදුලි බාහිර වැඩසටහන් කෙරේ දැක්වූ ඉහළ නැඹුරුව විශේෂ ඇගයුමකට ලක්විය. ජාතික ගුවන් විදුලියේ ප්‍රාදේශීය සේවාවක් මගින් දින කිහිපයක් පුරා පවත්වන ලද ප්‍රථම සජීවී බාහිර විකාශය විසුරුවා හැරීමේ ගෞරවයද හිමිවන්නේ ඇයටයි. පොසොන් උත්සවය නිමිත්තෙන් පැවැති 'අඹතල වරුණ' සහ 'මහින්දාලෝකය', රජරට ග්‍රාමීය පරිසරයේ ජීවන සම්ප්‍රදායන් සොයා ගිය 'ගමින් ගමට' ආදි වැඩසටහන්ද ඒ අතර ප්‍රමුඛය. නවක ශිල්පීන් සහ සන්නිවේදකයින් ගුවන් විදුලියට ගෙන ඒම සඳහා ඇය කළ මෙහෙවරද ඇගයීමට ලක්විණ.

ඇගේ දුරකතන අංකය- 071 8416240

 

බුල්නෑව ප්‍රදීප් රණතුංග

20190617Radio-3 20190617Radio-4 20190617Radio-5 20190617Radio-6