බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනයට රංගන ශීල්පී රොෂාන් දුන්න සප්‍රයිස් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පී රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනය පොසොන් පොහොය වන (16) දිනයට යෙදී තිබුණා.

ඒ හේතුවෙන් නිවසේදී සිය බිරිඳ පුදුම කරවමින් ඇගේ උපන්දිනය වෙනස්ම අයුරින් සැමරීමට රොෂාන් කටයුතු කර තිබෙනවා.

අලංකාර මල් කළඹක් සහ කේක් නිර්මාණයක් බිරිදගේ 31 වන උපන්දිනය වෙනුවෙන් රොෂාන් සූදානම් කර තිබූ අතර සිය මුහුණු පොතේ "A simple celebration for this simple lady Happy birthday wifey" යනුවෙන්ද සටහන් කර තිබුණා.

එම ඡායාරූපයට කලාශිල්පීන් රැසක් කුෂ්ලානිගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබුණා.

එමෙන්ම අසල්වාසීන් සමඟ එකතුවී අයිස් ක්‍රීම් දන්සැලක් දන්සලක්ද පැවැත්වීමට ඔවුන් දෙදෙනා කටයුතු කර තිබුණු අතර එම ඡායාරූප ඔහු සිය මුහුණු පොතේ පළකර තිබුණේ මෙලෙසින්.

20190618Roshan-1 20190618Roshan-2