‘ඉත්තෝ’ ජූලි 01 දා සිට සියත නාලිකාවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඒකාකාරී ටෙලිනාට්‍ය රාමුවෙන් බැහැරව යමින් නිර්මාණය කෙරුණු සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම ටෙලිනිර්මාණය වන’ඉත්තෝ’එළැඹෙන ජූලි 01වැනිදා සිට  සෑම දිනකම රාත්‍රී 08.00ට සියත රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිතය.

කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ සමඟින් නිලංක ඇලෙක්සැන්ඩර් එකතුව කළ තිර රචනා කරන ලද ‘ඉත්තෝ’ හි රංගනයෙන් උදාරි පෙරේරා, රොෂාන් රණවන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ටීනා ෂනෙල්, දමයන්ති ෆොන්සේකා, අමිල කරුණාරත්න, ජනක් ප්‍රේමලාල්, කුසුම් රේණු, සචිනි වික්‍රමසිංහ, හිරුණි රණසිංහ, මිලින්ද පෙරේරා, සිනෙති අකිලා, තිළිණි පෙරේරා, චාමර ප්‍රියදර්ශන, චමීර ලියනගේ, ඉෂාන් ගම්මුදලි, මේනකා මධුවන්ති, තාරක අධිකාරි, නිසදි කාරියවසම්, රූපා ගෝමස්, මෙලනි අශෝකා ආදීහු රැසක් රංගනයෙන් දායක වෙති.’ඉත්තෝ’ හිකැමරාකරණය සම්මානලාභී කැමරාශිල්පී  ස්ටයිනර් ඇඩම්ස්ගෙනි. සංස්කරණයෙන් රෙෂාන් මධුෂංක චන්ද්‍රරත්න, කලා අධ්‍යක්ෂණයෙන් සුරේන් රාජපක්ෂද,ගීත ගායනයෙන් මිහිඳු ආරියරත්න, ගීත රචනයෙන් දිල්ෂාන් පතිරත්න, තේමා ගීතයේ සංගීත නිර්මාණයෙන් අචල සොලමන්ස්, අංගරචනයෙන් තාරක අධිකාරිද දායක වෙති. තිර රචනා අධීක්ෂණය සහ අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවාගෙනි. ‘ඉත්තෝ’ඉදිරිපත් කිරීම සෙප්ටෙම්බර් ස්ටූඩියෝස් ආයතනය විසිනි.

20190625Iththo-1 20190625Iththo-2 20190625Iththo-3