‘සිංහබාහු’ නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් 13දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක වශයෙන් සේවය කරන කාංචනමාලා රණසිංහ ‘සුප්පා දේවියගේ’ චරිතය නිරූපණය කරන ‘‘සිංහබාහු’ නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් මෙම මස 13 දා සවස 3.30 ට සහ 7.00ට කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා තිබේ.

වෛද්‍ය කාංචනමාලා රණසිංහ යනු වසර තිස් එකක් පුරා ‘‘සිංහබාහු’ නාට්‍යයේ ‘සුප්පා දේවියගේ’ චරිතය නොකඩවා නිරූපණය කරමින් ගිනස් වාර්තා පොතට එක් වූ මාලනී රණසිංහයන්ගේ සහ ‘‘සිංහබාහු’ නාට්‍යයේ පොතේගුරු චරිතය නිරූපණය කළ ටෙරන්ස් රණසිංහයන්ගේ එකම දියණිය වේ.

මෙම දර්ශනයේ සියලුම ආසන සැළසුම් කර ඇති අතර ප්‍රවේශපත් රඟහලින් පමණක් වෙන් කරවාගත හැකිය. ජූඩ් ශ්‍රීමාල් විසින් සංවිධානය කරනු ලබන මෙම විශේෂිත දර්ශනයන් පිළිබඳව 0777-363633 යන දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබාගත හැකිය.

20190709Sinhabahu-1