‘යසෝදරාවත’ කෘතිය එළිදකියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘මම මහමායා දේවී නම් වෙමි’, ‘මම යසෝදරා නම් වෙමි’, ‘අනේ දෙව්දත් නොදිටි මොක්පුර’ සහ ‘වරදෙහි බැදුණු ගැහැණු කවුරුද?’ යන පන්සිය පනස් ජාතකයෙන් ගිහි ගෙදරට බණ දහම පොත් පෙළ ලියූ නෝමන් සිරිපාල මහතාගේ නවතම කෘතිය ‘උදාන කථාව සහිත යසෝදරාවත’ නමින් පසුගියදා ජනගත කෙරිණි.

දීපංකර පාද මූලයේ සිට යසෝදරා මහ රහතන් තෙරණිය දක්වා වූ සංසාරගත කතාන්දරය හෙවත් ආත්ම භාෂණය මෙම ‘යසෝදරාවත’ ග්‍රන්ථයේ සරලව සංක්‍ෂිප්තව ඉදිරිපත් කර තිබේ.

මෙම කෘතිය කොළඹ 10, මරදාන පාරේ, අංක 717/1 ස්ථානයේ (ආනන්ද විද්‍යාලය අසල) පිහිටි ‘සාහිත පොත් පියස’ මගින් එළිදක්වා ඇති අතර, මෙහි පුරාණ යසෝදරාවතෙහි එන සියලු  කාව්‍යයන් මෙන්ම නරසීහ ගාථාද ඇතුළත් වේ.

20190709Book-1