‘සම්ප්‍රදාය’කෙටි චිත්‍රපටයට තවත් ජාත්‍යන්තර ඇගයීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව වැනි සාක් සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කෙරුණු ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ ‘සම්ප්‍රදාය’කෙටි චිත්‍රපටයට ජූරියේ විශේෂ ඇගයීමක් හිමිවිය.

දින 05ක් පුරා කොළඹදී පැවැති එම සිනමා උළෙලේදී දකුණු ආසියානු කලාපයේ රටවල නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපට තිරගත කිරීම සිදුවිය. උළෙල අවසානයේ එම නිර්මාණවේදීන් අතරින් විශිෂ්ටයන් වෙත සම්මාන ප්‍රදානය කිරීම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී සිදුවිය.

‘සම්ප්‍රදාය’කෙටි චිත්‍රපටය මින් පෙරද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍රවිය.

නවෝද්‍යා පවනි

20190709Short-1