දැවෙන විහඟුන් යළිත් රීදී තිරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා පැවැති 07වැනිදෙරණ සිනමා සම්මාන උළෙලේදී වසරේ හොඳම අධ්‍යක්ෂණය, වසරේ හොඳම නිළිය, වසරේ හොඳම සහාය නිළිය, වසරේ හොඳම සහාය නළුවා, වසරේ හොඳම වේශ නිරූපණ ශිල්පියාඇතුළු වැඩිම සම්මාන ප්‍රමාණයකින් පිදුම් ලැබූ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘දැවෙන විහඟුන්’චිත්‍රපටයේ Director’s Cut පිටපත ප්‍රේක්ෂක ඉල්ලීම මත යළිත් 12දා සිට සීමිත සිනමාහල් කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ඒ අනුව දැවෙන විහඟුන් චිත්‍රපටය රීගල් - කොළඹ (දිනපතා ප.ව.2.00),ලිඩෝ - බොරැල්ල (දිනපතා ප.ව. 4.15 සහ සිකුරාදා සෙනසුරාදා ඉරිදා යන දිනවල 4.15 සහ ප.ව 7.00) මෙන්ම සැවෝයි ප්‍රිමියර් - වැල්වත්ත හෙවත් පැරණි රොක්සි සිනමාශාලාවේදී  (ප.ව.4.15) ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.

‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය පසුගියදා නිමා වූ09 වැනිසාක් සිනමා උළෙලේදී හොඳම නිළිය සහ හොඳම සංස්කරණය යන සම්මානද දිනාගැනීමට සමත්විය.

20190710Sanjeewa-1 20190710Sanjeewa-2 20190710Sanjeewa-3