‘මට තාම හතළිහයි’ නාට්‍ය උළෙල මෙම මස 19 වැනිදා සිට 25 දක්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190806Drama-1

දිවයිනේ ප්‍රධාන වේදිකා නාට්‍ය සංවිධායකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන ජූඩ් ශ්‍රීමාල් විසින් ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍ර‘යේ පුරා වසර 40ක් සපිරීම සමරනු වස් විශිෂ්ට නිර්මාණකරුවන් අතලොස්සක් වෙතින් බිහි වූ විශිෂ්ටතම වේදිකා නාට්‍ය 07ක් වර්තමාන ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් වෙත තිලිණ කිරීම පිණිස සංවිධානය කරනු ලබන ‘මට තාම හතළිහයි’ නාට්‍ය උළෙල මෙම මස 19 වැනි දින සිට 25 වැනි දින දක්වා දිනපතා සවස 7.00 ට කොළඹ 07, ලයනල් වෙන්ටඩ් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව පිළිවෙළින් අගෝස්තු මස 19 වැනිදා දයානන්ද ගුණවර්ධනයන්ගේ - ‘ගජමන් පුවත’ වේදිකා නාට්‍යය, 20දා හෙන්රි ජයසේනයන්ගේ - ‘කුවේණි’ (නව අධ්‍යක්ෂණය ප්‍රසන්නජිත් අබේසූරිය), 21දා ධර්මසේන පතිරාජයන්ගේ ‘වංගගිරිය’ සහ ශ්‍රේෂ්ඨ බෙංගාලි ලේඛක රබීද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ටතම කෙටි කතාවක් ඇසුරින් පරාක්‍රම නිරිඇල්ලයන් විසින් නිර්මාණය කරන ලද ‘ගිරා පන්තිය’, 22දා ගුණසේන ගලපත්තිගේ ‘මූදු පුත්තු’ (නව අධ්‍යක්ෂණය දීප්ති සාගරිකා ගලප්පත්ති) නාට්‍ය, 23දා ආර්.ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’, 24දා සයිමන් නවගත්තේගමගේ විශිෂ්ටතම නිර්මාණයක් වන ‘සුදු සහ කළු’ (නව අධ්‍යක්ෂණය ශ්‍රියන්ත මෙන්ඩිස්), 25දා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ‘බව කඩතුරාව’ (නව අධ්‍යක්ෂණය ලලිතා සරත්චන්ද්‍ර) යන වේදිකා නාට්‍යයන් රඟදැක්වීමට නියමිතය.

මෙම සියලුම නාට්‍ය දර්ශනයන්ගේ ආසන සියල්ල සැලසුම් කර ඇති අතර, ප්‍ර‘වේශපත් ලයනල් වෙන්ටඩ් රඟහලෙන් පමණක් වෙන්කරවා ගත හැකිය. මේ පිළිබඳ වැඩිදුර විස්තර 07773636336 යන දුරකථන අංක අමතා ලබාගත හැකිය. 

20190806Drama-3