‘විජයබා කොල්ලයෙන්’ පසුව සෙනාලි රඟන චිත්‍රපට තුනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි සෙනාලි ෆොන්සේකා නැවතත් සිනමාව තුළ දකින්නට ලැබේ. ඒ ඩබ්ලිව්. එස් සිල්වා විසින් රචිත ‘විජයබා කොල්ලය’ නවකතාව අනුසාරයෙන් සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කළ චිත්‍රපටයේය. මෙය සෙනාලිගේ දෙවැනි චිත්‍රපටය වන අතර, ඇයගේ තවත් චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී ප්‍රදර්ඔනය වීමට නියමිතය.

‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙන් පස්සේ මාව සිනමාව තුළ දකින පළමු චිත්‍රපටය තමයි ‘විජයබා කොල්ලය’ නමුත්, ඊට කළින් කරපු චිත්‍රපටයකුත් තියෙනවා. නමුත්, ඒක තවමත් ප්‍රදර්ශනය වුණේ නැහැ. චිත්‍රපට ඔක්කොම ගත්තොත් ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපට තුනක් තව මගේ එන්න තියෙනවා. ඒ නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ධනුෂ්ක රේමන්ඩ් විසින් අධ්‍යක්ෂණය කළ ‘පරිස්සමින් ඉන්න’, ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ‘එක ගේයි සොකරි’ හා ක්‍රිස්ට් ෂෙල්ටන් මහත්මයාගේ ‘යාත්‍රා’ කියන චිත්‍රපටවල මම රඟපෑවා.’

20190806Sonali-1