හාරත හේරා වෙනස් විදිහෙ නාට්‍යයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත‍්‍රයට අලූතින් එක්වන මුහුණු අතරින් මේ දිනවල වැඩි ආදරයක්, ආකර්ශනයක් දිනාගෙන සිටින චරිතයක් මෙවර සදැල්ලට එකතු කරගන්න හිතුවා. ඔහු නමින් කුමුදිත ගුණවර්ධන. කුමුදිත ආ ගමන් මඟ ගැන සහ මේ දිනවල නියැලෙන නිර්මාණ කටයුතු ගැනයි මේ කතාබහ.

 

මේ දිනවල අලූත් නිර්මාණයක වැඩ පටන් අරන් නේද?

ඔව්, මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘හාරත හේරා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. චන්දික නානායක්කාර අධ්‍යක්ෂණය කරන්නෙ. කනිෂ්ක කියන චරිතය තමයි මම නිරූපනය කරන්නෙ. මේ චරිතය ඇත්තටම නව පරපුරට ලොකු ආදර්ශයක් ලබාදෙන චරිතයක්.

 

පේ‍්‍රක්ෂකයො ආදරෙන් වැළඳගනියි කියලා හිතනවද?

ඔව්, මම පෞද්ගලිකවම ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාට්‍යවලට ගොඩක් කැමතියි. මොකද ඒ කතා ගොඩක් වෙනස් සහ බොළඳ ගතියට වැඩි ඉඩක් නැති එකිනෙකට වෙනස් නිර්මාණ. මම මේ ටෙලිනාට්‍ය පිටපතත් කියවලා හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඉතින් හිතනවා පේ‍්‍රක්ෂකයො මේ ටෙලිනාට්‍ය වටා ආදරෙන් බැඳෙයි කියලා.

 

මීට අමතරව කරන වැඩ කටයුතු මොනවද?

රංගනයට අමතරව මම ගායනයත් කරනවා. මේ වෙද්දි මගේම ගීත නිර්මාණත් එළිදක්වලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝවලට සහ වෙළඳ දැන්වීම්වලටත් රංගනයෙන් දායකවෙනවා.

 

මේ ක්ෂේත‍්‍රය තෝරගත්තෙ කොහොමද?

මම පුංචි කාලෙ ඉඳන්ම මේ ක්ෂේත‍්‍රයට ගොඩක් නැඹුරුයි. ඉගෙන ගත්තෙ කොළඹ රෝයල් එකේ. එහිදී රංගන ක්ෂේත‍්‍රයටත් ගායන ක්ෂේත‍්‍රයටත් සම්බන්ධවෙලා වැඩ කළා. ඒ අංශවලින් පාසල් මට්ටමින් ජයග‍්‍රහණ ලබා ගත්තා.  වේදිකා නාට්‍යවලින් තමයි රංගනය ආරම්භ කළේ. පාසල් වේදිකාව හොඳටම හුරු පුරුදුයි. ්රැුඛ වලින් පසුව වගේ තමයි වෙළඳ දැන්වීම් අංශයට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඉන්පසුව ටිකින් ටික රංගනයෙන් ඉදිරියට ආවා.

 

ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ කරගත්තෙ කව්ද?

මම මුලින්ම රඟපෑවෙ ‘ආන්‍යා’ කියන ටෙලිනාට්‍යයේ. ඒ තිළිණ බොරැුලැස්ස අධ්‍යක්ෂවරයාගේ. එතැනින් පසුව තමයි මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.

20190808Kumuditha-1

රංගනය ඉගෙනගෙන තියෙනවද?

මම විෂයක් විදියට නාට්‍ය හා රංග කලාව හදාරලා තියෙනවා. ඒ  ධරැුඛ කාලෙදි. ඒ ඉගෙනීමත් එක්ක ඒ වැඩමුළු සහ නාට්‍ය අංශයට සම්බන්ධ දේවල්වලට යොමුවෙලා හිටියා. පොඩි කාලෙ ඉඳන් රංගනය ඇෙඟ් තිබුණා. එය වැඩිදියුණු කරගෙන තමයි මේ ගමන පියවරෙන් පියවර ආවෙ.

 

රංගනයට අමතරව ඔබ ගායකයෙක් කිව්වනෙ. ඒ ගීත නිර්මාණ ගැනත් කියමු?

මම ගායනයට පොඩි කාලෙ ඉඳලා යොමුවීමක් තිබුණා. පාසල් මට්ටමින් ගායන තරගවලින් ජයග‍්‍රහණ පවා ලබලා තියෙනවා. ඒ තිබුණත් ඒ අංශයට ගොඩක් යොමුවෙලා හිටියෙ නෑ. පාසල් ජීවිතෙන් පසුව තමයි මට ආසාවක් ඇති වුණේ සංගීතය දිගටම හදාරන්න. ඒ නිසාම මම කීර්ති පැස්කුවල් සර්ගෙන් සංගීතය පිළිබඳ වැඩිදුර ඉගෙන ගත්තා, ගිටාර් වාදනය කරන්න. ඊට පසුව තමයි මට හැකියාවක් තියෙන බව දැනගෙන මුලින්ම කවර්ස් කරලා ශදමඑමඉැ දැම්මා. ඒවට ලැබුණු ප‍්‍රතිචාර ටිකක් හොඳ මට්ටමක තිබුණ නිසා මට හිතුණ මගේම ගීතයක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි මගේම පද රචනයෙන් ‘දෙව්ලියේ’ ගීතය නිර්මාණය වුණේ. සංගීතයෙන් පසන් ලියනගේ දායක වුණා. ඒ ගීතය යම්කිසි විදියකට බොහෝ දෙනෙක් අතරට ගියා. හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. එතැනින් පසුව තමයි මගේ අලූත්ම ගීතය මෑතකදී නිර්මාණය වුණේ. එහි රූප රචනාවත් නුදුරේම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

කුමුදිතගෙ ඉලක්කය වුණේ මොකද්ද?

මගේ ඉලක්කය වුණේ රංගන ක්ෂේත‍්‍රයෙන් සහ ගායන ක්ෂේත‍්‍රයෙන් හොඳ තැනකට යන එක. හොඳ නිර්මාණ කරලා ඒ හරහා පේ‍්‍රක්ෂක ආදරය ලැබෙනවට ගොඩාක් කැමතියි. ඉදිරියේදී මගේ තියෙන දක්ෂතා පාවිච්චි කරලා ක්ෂේත‍්‍රයේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

අද වෙද්දි ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

මම ක්ෂේත‍්‍රයේ  ඕනෑම දෙයක් කරන්නෙ හොඳට තෝරා බේරාගෙන. ඒ නිසා මේ වෙද්දි ගොඩක් නිර්මාණ කරලා නෑ. නමුත් කරලා තියෙන නිර්මාණ එක්ක ඒ ලැබෙන ප‍්‍රතිචාර ගැන මට ගොඩක් සතුටුයි.

ඒ තුළින් ඇත්තටම සතුටු වෙන්න පුළුවන් විදියෙ ප‍්‍රතිචාර ලැබිලා තියෙනවා.

 

මේ ක්ෂේත‍්‍රයට එක්වෙන්නට ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ මම පුංචි කාලෙ ඉඳන් ආදරේ කරපු ක්ෂේත‍්‍රයක් නිසා. මම ඛධඛක්‍ ආයතනයේ රැුකියාව කරන ගමන් තමයි කලා ක්ෂේත‍්‍රයේ රැුඳිලා ඉන්නෙ. ඉතින් මට රැුකියා ස්ථානයෙනුත් ලොකු සහයක් ලැබෙනවා මේ දේවල් කරගෙන යන්න. ඒ හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න  ඕනෑ මට මේ අංශ දෙකම සමබරව කරගෙන යන්නට අවස්ථාව ලබාදීම ගැන.

 

ධනු විජේරත්න

ඡායාරූප: රොෂාන් පේ‍්‍රමතිලක

20190808Kumuditha-2 20190808Kumuditha-3