මස් මාංශ වලින් ඈත් වෙලා හිටියට කැරපොත්තෙක් හැපුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිමායා බණ්ඩාර කියන්නේ පුංචි තිරයට අලූත් මුහුණක් නෙමෙයි. ඇය රංගන ශිල්පිනියක් ලෙස කලා නිර්මාණ බොහොමයකට දායක වුණත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය ඔස්සේ සොනාලි ටීචර් ලෙස පේ‍්‍රක්ෂක කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුණා. කොහොම වුණත් සොනාලි ටීචර් පසුගිය දිනවල නම් පේ‍්‍රක්ෂකයන්ට දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්. අඩුවෙන් දැකපු සොනාලිව ඔන්න මේ දිනවල ”සාම කුමරු කථාව” චිත‍්‍රපටයෙන් දැකගන්න පුළුවන්.

පන්සිය පනස් ජාතක කතාපොත ඇසුරින් නිර්මාණය කළ ”සාම කුමරු කථාව” බෞද්ධ ළමා සිනමා සිත්තමේ සාමකුමරුගේ මවගේ චරිතයෙන් පේ‍්‍රක්ෂක ඔබ හමුවට එන්නේ ඇයයි. හිමායා ඇයගේ පළමු සිනමා අත්දැකීම ගැන අපට කිව්වේ මේ විදිහට.

 

හිමායව පසුගිය දිනවල දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්?

පසුගිය දිනවල නම් මම කලා වැඩවලට සම්බන්ධ වුණේම නැහැ. ආරාධනා නම් කිහිපයක්ම ලැබුණා. ඒත් ඒ එකක්වත් මම භාරගත්තේ නැහැ. හොඳ නිර්මාණයකට දායකත්වය මට  ඕන වුණා

ඉදිරියට කරපු නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. මම රඟපාන අලූත්ම නාට්‍යයේ වැඩ ආරම්භ කරනවා ළඟදීම. ඒක හැමෝගෙම කතාබහට ලක්වෙන චරිතයක් වේවි කියලා මම හිතනවා. රඟපෑමෙන් ලොකුවට දායක නොවුණත්. හඬකැවීම් අංශයෙන් කරන දේවල්වලට දායකත්වය ලබාදෙනවා.

 

හිමායාගේ පළමු සිනමා අද්දැකීම කොහොමද?

වසර තුනකට පස්සේ තමයි ”සාම කුමරු” චිත‍්‍රපටය තිරගත වෙන්නේ. මම හිතනවා ඒක ආවේ නියම කාලෙදි කියලා. මේ මම සම්බන්ධ වුණ පළමු චිත‍්‍රපටය.

20190808Himaya-1

කොහොමද හිමායට පාරිකා කියන චරිතයට ආරාධනා ලැබෙන්නේ?

බෝධිසත්ව දරුවකුට ජීවිතය දුන්න මවක් තමයි පාරිකා කියන්නේ. මේ චිත‍්‍රපටය පුරාවට ඇගේ තරුණ අවධිය මැදි අවධිය, මේ සියලූ අවධින් මම විසින් තමයි නිරූපණය කරන්නේ. ටිකක් සංකීර්ණ සහ බොහොම ගෞරවාන්විතව කළ යුතු චරිතයක් වුණා. මට හැකි අයුරින් මම ජය අරගෙන තියෙනවා කියලා හිතනවා.

 

මේ චරිතය වෙනුවෙන් විශේෂ සූදානමක් වුණාද ?

අනිවාර්යයෙන්ම ඔව්. මේක බ‍්‍රහ්මචාරී චරිතයක්. මාස 6ක් විතර මස්මාංශවලින් වැළකුණා. කතා කරන වචනවලින් පවා අපි ගොඩක් පරිස්සම් වුණා.

 

කොහොමද රූපගත කිරීම්වල දී ලැබුණු අද්දැකීම්?

 මෙහි රූප ගතකිරීම් කළේ දිගන ප‍්‍රදේශයේ. ඝන කැලෑවල්, ගෙඟ් ගල් තලාවල් උඩ, සර්පයෝ, කොටි වලස්සු ඉන්න ඝන වනාන්තරයක් ඒක. හැබැයි ඒ මාසෙටම අපිට කිසිම සතෙක්ව ඇහැකටවත් දකින්න ලැබුණේ නැහැ. ඉතාම දුෂ්කරතා මැද්දේ තමයි මෙහි රූගත කිරීම් කළේ. ලොකු අපහසුතා දැනුණා. ගිනි අව්වේ ගල්තලාවල ඇවිදලා යටි පතුල්වල දියපට්ට ආවා. ඒත් හරිම සතුටින් ඒ දේවල් විඳගත්තා. සමහර දවස් තිබුණා ? එළිවෙනකම් රූගත කිරීම් තිබුණ දවස්. ඒ පැත්තට විදුලිය නැහැ. දවසක් මට හරි ෂෝක් වැඩක් වුණානේ.

වෙලාව ? එකොළහට විතර ඇති. එදා අපි ?ට කෑම කෑවේ හඳ එළියෙන්.

කළුවරේ අත ගගා කනකොට එක පාරට බත් කට එක්ක අමුතු දෙයක් හැපුණා කියලා දැණුනා. ”මම කිව්වා ටෝච් එකක් ගහන්නකෝ මට අමුතු දෙයක් හැපුනනේ කියලා. බලනකොට ලොකු කැරපොත්තෙක් මම බත් එක්ක හපලා. කැරපොත්තා කෑවේ මං. එදා මුළු සෙට් එකම බත් කෑවේ නැහැ. මස්මාංශවලින් තොර වුණාට ඔන්න එදා කැරපොත්තෙක් හැපුණා. ඒ වගේ හරිම සුන්දර දේවලූත් වුණා.

 

මේ ලැබුණු චරිතයේ ඔබට විශේෂ අද්දැකීමක් තියෙනව ද?

මේ චරිතය මට ලැබෙනකොට මම ලොකු චරිත කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේ චරිතෙ මට ගොඩක් විශේෂ වුණා. බ‍්‍රහ්මචාරි චරිතයට අපිට කවදාවත් ළං වෙන්න බැහැ. ඒත් ඒ වගේ චරිතයක් මට ලැබුණාම ඇඟට දැනෙන්න සාධාරණයක් කරන්න  ඕන කියන හැඟීම ආවා. මට පාරිකාට කවදාවත් ළංවෙන්න බැහැ.

 

කොහොමද ලැබුණු ප‍්‍රතිචාර...

විශේෂයෙන් ප‍්‍රවීණයන්ගෙන් සුවිශේෂී ප‍්‍රතිචාරයක් මට ලැබුණා. රඟපෑම සාර්ථකයි කියලා ගොඩදෙනෙක් කිව්වා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මම වැඩ ගොඩක් නොකළට මේ ලැබෙන පොඩි ප‍්‍රතිචාරයත් මට ගොඩක් වටිනවා.

 

හිමායා ගොඩක්ම ජනප‍්‍රිය වෙන්නේ දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් කියන චරිතය හරහා. සොනාලි චීටර්ට මොකද වුණේ?

කතාවේ පාසල් දර්ශන මේ වෙනකොට අවසන්. මේ චරිතය මෙතනින් ඉවරයි කියලා ඔවුන් කිසිම කෙනෙක් මට දැනුම්දීමක් මේ වන තෙක් කරලා නැහැ. මම අහන්න ගියෙත් නැහැ. අදටත් මට සොනාලි ටීචර් නිසා ගොඩක් ප‍්‍රතිචාර ලැබෙනවා. කලා ජීවිතේ සැම දෙනාටම සොනාලි ටීචර් විදිහට මාව මතක හිටීවි. හිමායව මිනිස්සු අතරට ගෙනාවේ සොනාලි ටීචර්ගේ චරිතය. ඒකට මම ඒ කණ්ඩායමට අදටත් ගරු කරනවා.

 

හිමායා දැන් නිවේදන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ද?

2012 තමයි ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් ලෙස සම්බන්ධ වුණේ. රඟපෑමට වඩා කාලයක්ම මාව දැක්කේ නිවේදිකාවක් විදිහට. මම කොහොමත් වැඩ කළේ නිදහස් මාධ්‍ය නිවේදිකාවක් විදිහට. නැවත මාධ්‍ය ආයතනයකින් ආරාධනාවක් ලැබුණොත් නිවේදනයට එනවා. ඒත් මම දැන් කැමති හිමායා ඇතුළේ ඉන්න රංගන ශිල්පිනියට.

 

නදීශා අතුකෝරළ

20190808Himaya-2