ගුරුවරයෙක් පාසල් ශිෂ්‍යාවකට ආදරය කරන සිදුවීමක් තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190812Eranga-2එරංග මිතුන් කියන්නේ තරුණ ගායන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍ර‘යේ දිගු ගමනක් යාමට පෙරුම් පුරන තරුණයෙක්. ගම්පොළ ප්‍ර‘දේශයේ උපත ලැබූ ඔහු කුඩා අවදියේ සිටම ප්‍රියකල එම ගායන හැකියාව ගැනයි මේ කතාබහ.

ඔබ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නෙ කොහොමද?

පුංචි කාලෙ ඉඳන්ම සංගීතයට ගොඩක් කැමතියි. ඒ නිසාම ඒ අංශයට වැඩි නැඹුරුවක් තිබුණා. පාසල් යන කාලෙත් ඒ ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙලා වැඩකලා. පාසල් ගමන අවසන් වුණාමත් වැඩි නැඹුරුවක් තිබුණෙ ඒ අංශයට. ඒ නිසාම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වුණා. එතැනින් පසුව තමයි දිගටම ගීත ගායනයෙන් ඉදිරියට ආවේ. දැනට සහරා නිව් ජෙනරේෂන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා ඉන්නවා.

මේ වෙද්දි ඔබේම ගීත නිර්මාණය වෙලා තියෙනවා නේද?

ඔව්. මගේම ගීත නිර්මාණ 4 ක් මේ වෙද්දි එළිදක්වලා තියෙනවා. පළමු ගීතය තමයි. ‘සුසුම මැදින්..’ ඒ ගීතය FB හරහා මට ලියලා එවපු ගීතයක්. ඒ වචනවල ලොකු අර්ථයක් සහ ලස්සනක් මම දැක්කා. ඒ නිසා තමයි ගීතයක් කරන්න ඕනෑ කියලා හිතුණේ. ගීතය මම නොහිතපු විදියට ගොඩක් දෙනෙක් අතරට ගියා. හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ නිසා තමයි තවත් ගීත කරන්න ඕනා කියලා හිතුණේ.

ඉන් පසුව ගීත දෙකක් කලා. ‘සිහිවෙන  වාරේ..’ සහ ‘ආශිර්වාද සොයා..’ නමින්. ඒ ගීත දෙකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මෑතකදී මම නිර්මාණය කල අලුත්ම ගීතය තමයි ‘මේ වේදනා..’ ගීතය. එහි මියුසික් වීඩියෝව මේ වෙද්දි ලක්ෂ 5 කට වඩා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ගීතයට හොඳ වීව්ස් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ වෙද්දි ඉහළ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා.

පාසල් ප්‍රේමයක් ගැන තමයි එහිදී කතා කරන්නේ. ගුරුවරයෙක් පාසල් ශිෂ්‍යාවකට ආදරය කරන සිදුවීමක් තියෙන්නේ. නමුත් එය සම්මතයට පටහැනි ආදරයන් නිසා ප්‍රකාශ කරන්න නොහැකියි. දෙදෙනාම හිතේ තියාගෙන ඉන්නවා. එය තමයි තේමාව.

ඒ විදියට විවිධ තේමාවන් යටතේ ආදරය, විරහව ආදියත් පාදක කරගෙන ගීත නිර්මාණ කලා. තවත් විවිධ තේමා යටතේ ගීත නිර්මාණ ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ධනු විජේරත්න    

20190812Eranga-1