බොහෝ අය මාව බට්ටි කියල දන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190815Hasini-1

‘සිරස ෆිල්ම් ස්ටාර්’ හරහා ජනප්‍රිය වූ හංසි දෙව්මිණි, කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වී ඇත්තේ ‘බට්ටි’ යන අන්වර්ථ නාමයෙනි. එනිසාම ‘වින්කලේ ගෙදර’ ටෙලි නාට්‍යයේ බට්ටිගේ චරිතය නිරූපණය කළ ඇයට, ළඟදීම තිරගත වීමට නියමිත ‘සිහින මායා’ හි චිත්‍රපටයේ දී ප්‍රථම වරට ප්‍රධාන චරිතයකට දායක වීමට අවස්ථාව ලැබිණ. කෙසේ වෙතත් ළඟදීම රූගත කෙරෙන ‘ සිත්තම්’ ටෙලි නාට්‍යය මේ වනවිට ඇගේ පෞද්ගලික ජීවිතයටද සමීප වී ඇත. ඒ නිසාම අපි ඇයම සම්බන්ධ කර ගත්තෙමු.

මුලින්ම ‘සිත්තම්’ ටෙලි නාට්‍යය ගැන කතා කරමු ?

මම එහි රඟපාන්නේ ‘සකුනි චරිතය. සකුනි කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ටිකක් කේන්ති යන චරිතයක්. හැබැයි කේන්ති ගියත් හැම දෙයක් ගැනම සාධාරණ විදියට හිතනවා. රණ්ඩුවක් වුණත් අසාධාරණය වෙනුවෙන් කතා කරනවා. දැනට මම නාට්‍ය හා රංග කලාව පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ විශේෂවේදී උපාධියක් හදාරනවා. විශ්වවිද්‍යාල කාලසීමාව තුළත් විවිධ ගැටුම් එනවා. ඒ ගැටුම්වලට මුහුණ දෙන ආකාරය තමයි ‘සිත්තම්’ ටෙලි නාට්‍යයේ සකුනිගේ චරිතයෙන් පෙන්නුම් කරන්නේ. ‘සිත් අහස යට’ ටෙලි නාට්‍යය තුළත් මට වෙනස් චරිතයක් ලැබුණා. ඒක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන පාසැල් ශිෂ්‍යයාවක් පිළිබඳ කතාවක්.

කොහොමද කලා ක්ෂේත්‍රයට එන්නේ ?

මම මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නේ 2010 දී. ඒ ‘මැක්ස්’ නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට. පස්සේ පස්සෙ විවිධ වෙළෙඳ දැන්වීම්වල, නාට්‍යවල, ටෙලි නාට්‍යවල අනුශාංගික චරිතවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතරින් ස්වර්ණවාහිනියේ විකාශය වුණු ‘ඉටි මල්’, උදාර පල්ලියගුරුගේ ‘Super Six’ චිත්‍රපටයත් විශේෂයි.

ඔබව බොහෝ දෙනෙක් හඳුනන්නේ ‘බට්ටි’ කියලා?

මට ඒ නම දැම්මෙත් ‘සිරස ෆිල්ම් ස්ටාර්’ අධ්‍යක්ෂිකාව විදිහට කටයුතු කළ ඉනෝකා අක්කා. මමත් කැමැතියි ඒ නමට. ඒක හංසි කියනවට වඩා හොඳයි. ඒ නිසයි කලා ක්ෂේත්‍රයේ බොහෝ අය මාව බට්ටි කියල දන්නේ. ඒ අය මට කතා කරන්නෙත් එහෙම. මමත් ඒ නමට ගොඩක් කැමතියි, ආදරෙයි.

ආපු ගමන ගැන දැන් මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මට මේ තැනට එන්න පුළුවන් වුණේ මගෙ දෙමවුපියෝ දෙන්නා සහ අයියා නිසා. ඒ අයගේ උදව් නැත්නම් මට මේ තැනට කවදාවත්ම එන්න ලැබෙන්නේ නැහැ. මේ ගමන එන්න උදව් කළ බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම මම ස්තුති කරනවා.

මාලන් විදානපතිරණ

20190815Hasini-220190815Hasini-3