‘සිරිත් මල්දම’ DVD තැටියක් ලෙස එළිදකී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා රචිත ‘සිරිත් මල්දම’ කෘතිය වත්මන් දූ දරුවන්ට නාට්‍යානුකරයෙන් රඟ දක්වා DVD තැටියක් ලෙස එළිදක්වා තිබේ.

ඒ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු හා චිත්‍ර කලා ආචාර්යවරයෙකු වන රෝහණ කොස්තා මහතාගේ නිර්මාණ අධ්‍යක්ෂණයක් ලෙසිනි.

කලා සිත් රූ කලා පදනමේ සභාපතිවරයාද වන රෝහණ, එහි දරු දැරියන් 75 දෙනෙකු එම DVD තැටියේ රඟපෑමට තෝරාගෙන තිබෙන අතර එම දරු දැරියන් සමග ඩී.බී. ගංගොඩතැන්න, කේ.ඩී. සිරිපාල ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිපදෙනෙක්ද රංගනයෙන් මීට දායක වී සිටිති.

‘සිරිත් මල්දම’ DVD තැටිය එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා අරංගල ශ්‍රී සද්ධර්මරත්නාරාම විහාරස්ථානයේදී කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අතර මෙම තැටියේ මුල්පිටපත රෝහණ විසින් විශ්‍රාමික පොලිස් පරීක්ෂක උපනන්ද ගීගනගේ මහතාට පිරිනමන ලදී.

පදනමේ අනුශාසක, ශ්‍රී සද්ධර්මරත්නාරාම විහාරාධිපති රළපනාවේ ආරියසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

වත්මන් ළමා පරපුරට යහපත් දේ ලබාදීමේ අරමුණින් මෙම DVD පටය නිර්මාණය කළ බවත්, එය පාසල් ළමයින්ට ඉතා වටිනා උපදෙස් දෙන කෘතියක් බවත්, වැඩි විස්තර 0778101010 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් අධ්‍යක්ෂක රෝහණ කොස්තා පැවසීය.

20190822Sirith-120190822Sirith-2 20190822Sirith-3 20190822Sirith-4