උමාරියාට උසස්වීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායන ශිල්පිනි උමාරියා සිංහවංශ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වී තිබේ.

මෙරට ගීත ගායනා ක්ෂේත්‍රයේ හැකියාවන් සහ කුසලතාවයන් පෙන්වමින් ගායන පෞරුෂය ප්‍රචලිත කිරීමට දැක්වූ මෙහෙවර අගයමින් පසුගියදා ඇයට එම සහතිකය හිමිවී ඇත.  

දේශීය වශයෙන් මෙසේ ඇගයීමට ලක් කිරීම ගැන ගුවන්විදුලි සංස්ථාවට ඇය සිය හෘදයාංගම ස්තුතිය පුද කර තිබූ අතර ඒ ගැන වචනයෙන් කිව නොහැකි තරමේ නිහතමානී සතුටක් තමන්ට දැනෙන බව සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් උමාරියා පවසා තිබේ.

20190910Umaria-1