සංගීතවේදී දිනේෂ්ට ඉන්දියාවෙන් සම්මානයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානිත සංගීතවේදී දිනේෂ් සුබසිංහ 2019 ඉන්දීය සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.   

ජාත්‍යන්තර තරුණ කමිටුව (IYC) නම් සංවිධානය විසින් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවර දී පවත්වනු ලැබූ ලෝක තරුණ සමුළුවේ දී ඔහුට මෙම ත්‍යාගය හිමිවී ඇත.

දේශපාලනික,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ගැටළු සමථයකට පත් කිරීම සඳහා දායක වීමෙන් හෝ මානව වර්ගයාට ඇතිවිය හැකි තර්ජන සහ ව්‍යකුලතා අවම කිරීම සඳහා දායක වීමෙන්; කලාපිය ගැටුම් හෝ ලෝක යුද්ධ වළක්වමින් ලෝක සාමය ආරක්ෂා කරගැනීම උදෙසා සිදු කළ මෙහෙය ඇගයීම පිණිස ජාත්‍යන්තර තරුණ කමිටුව විසින් මෙම ඉන්දීය සාම ත්‍යාග පිරිනමනු ලැබේ. ඒ ලෝක සාමය සහ අන්තර්-ආගමික අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු ඇතිව ය.

20191007Dinesh-1