නිලාන් මලිගැස්පගේ ‘නොසැලෙන මනස’ 12 දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191008Nilan-2නර්තන ආචාර්ය නිලාන් මලිගැස්පගේ නවතම නිර්මාණ අධ්‍යක්ෂණය ‘නොසැලෙන මනස’ නර්ථන ප්‍රසංගය මෙම මස 12 වනදා ප.ව. 7.00 ට ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී වේදිකාගත වේ.

ඒ පිළිබඳවත් ඔහු කලාව තුළ ආ ගමන් මග පිළිබඳවත් කතා කිරීමට එක්වූයේ මෙලෙසිනි.

වැඩ අරගෙන පයින් ගහලා විසිකරන කලා ලෝකයේ මම ආවේ පුදුම ගමනක්. මම මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මේ වෙද්දි අවුරුදු 35 ක්. ඒ වගේම මගේ නර්ථන ඇකඩමියටත් අවුරුදු 25 ක් වෙනවා.

ඉතින් මේ ආපු ගමන දෙස හැරිලා බලද්දි පුදුම සතුටක් දැනෙනවා. මම පත්තරවල පලවූ සමහර දැන්වීම් කෑලි හොයාගෙන වේදිකා නාට්‍ය, චිත්‍රපට ආදියට සම්මුඛ පරීක්ෂණ සඳහා මොනතරම් යන්න ඇද්ද? උස මදි, සුදු මදි, කොන්ඩෙ හරියන්නෙ නෑ, ඒවගේ හෑල්ලු වුණ අවස්ථා එමටයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයට එන්න ගොඩක් දුක් වින්දා. නමුත් ඒ අභියෝග ආවත් ආපස්සට ගියේ නෑ. ඕනෑම කෙනෙකුට කැපවීම, ආසාව, උනන්දුව තියෙනවා නම් ඕනෑම ඉලක්කයක් ජයගන්න පුළුවන්.

මම දැවැන්ත නිර්මාණ වලට දායකවෙලා තියෙනවා. චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, රූප රචන, හැමදේටම ලංකාවේ දැවැන්ත නිර්මාණකාරයෝ. ඒ සමහර වැඩවල මුදලවත් හරියට ගෙවලා නෑ. ඒ බොහෝ දෙනෙක් මට ණයයි, නමුත් මම දුරකථන ඇමතුමක් දීලාවත් ඒවා ඉල්ලන්නේ නෑ. මම හැමදාම සතුටු වුණේ මගේ නිර්මාණ කටයුක්ත ගැන විතරයි. මට මොන අසාධාරණය වුණත් මම මට භාරදෙන දේ හරියට කරලා දෙනවා. ඒ නිසා තමයි මම අද වෙද්දි මේ හෙමින් ගමනක් ඇවිල්ලා තියෙන්නේ.

අලුත්ම නිර්මාණය “නොසැලෙන මනස” ගැන කතා කලොත්?

මේ තුලින් හොඳ සහ නරක පිළිබඳ සිත තුළ තියෙන ඝට්ටනය පිළිබඳ කතා කරන්නේ කොහොමද? අකීකරු හිත් සමාජය විනාශ කරන්නේ කොහොමද? ඒ පිලිබඳ කතා කෙරෙනවා.

ඉතින් මේ නිර්මාණ රසවිඳින්න ඔක්තෝම්බර් 12 ලයනල් වෙන්ටඩ් රඟහලට හවස 7.00 ට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මුද්‍රා නාට්‍ය, නර්තගනය හා සංගීතය පිළිබඳ මම උගන්වනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පවා ඒ අවශ්‍ය විභාගවලට මුද්‍රා නාට්‍ය පිළිබඳ ඉගෙනගන්න එනවා. ඒත් එක්කම බන්ධනාගාර තරුණ දරුවන් වෙනුවෙන් නර්තනය සංගීතය වැනි දේ උගන්වන්නට අවස්ථාවක් ලැබුණා. ඔවුන් ඒ තුළින් එළියට ආවම ජීවිතේ ඉදිරියට පා තබන්නෙ කොහොමද කියන දේටත් මෙය හොඳ පිටිවහලක් වෙයි.

ඒ වගේම ඉදිරියට ගුරුවරු එක්ක වැඩකරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ හැමදේම එක්ක මම කැමතියි ඕනෑම පාසලකට ආයතනවලට ආදී ඕනෑම ස්ථානයකට ගොස් මුද්‍රා නාට්‍ය පිළිබඳ අවබෝධයක් ලබාදෙන්න වැඩමුළු පවත්වන්න. ශ්‍රී ලංකා භාවාත්මක නර්තන උගන්වන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මමත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්.

මගේ ලිපිනය නිලාන් මලිගැස්පගේ 289/12 සේපාලිකා විල, වටරැක, පාදුක්ක.

ධනු විජේරත්න

20191008Nilan-1 20191008Nilan-3