කලා දිවියට 35 වසරක් පිරෙන විට ඩොනල්ඩ් ජයන්තට උපහාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට සිනමා ක්ෂේත්‍රයේ කවුරුත් හොඳින් දන්නා කියන පුද්ගලයෙක් තමයි ඩොනල්ඩ් ජයන්ත කියන්නේ. වසර 35ක සිනමා ගමන් මගකට හිමිකම් කියන ඔහු චිත්‍රපට විශාල ප්‍රමාණයක් සඳහා සිය නිර්මාණ දායකත්වය සපයා තිබෙනවා. 

දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලාංකීය සිනමාවට කළ මෙහෙවර අගයා ඩොනල්ඩ් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් ඔහුගේ උපන් ගම් ප්‍රදේශයේ සංවිධාන කර තිබෙනවා. මෙම උපහාර උත්සවය පවත්වන්නට නියමිත ව ඇත්තේ ඔක්තෝබර් 11 වැනිදා දෙනියායේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී යි. 

ඩොනල්ඩ් ජයන්ත මේ වනවිට සහය අධ්‍යක්ෂණයෙන් එක් වූ චිත්‍රපට සංඛ්‍යාව 50 කට අධික වන අතර මෙරට ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගත් ප්‍රවේගය සහ මායා යන සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනි.    

20191008Donel-1