භාතිය “බිග් බෑඩ් වුල්ඩ්” ප්‍රදර්ශනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන “බිග් බෑඩ් වුල්ඩ්” මේ දිනවල කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (SLECC) පැවැත්වෙනවා.

පසුගියදා “බිග් බෑඩ් වුල්ඩ්” ප්‍රදර්ශනයට පැමිණි පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි ද සිටියා. ඔහු පොත් දැක්මට පැමිණ සිටියේ සිය බිරිඳ සහ දියණිය සමඟින්.

ඉකුත් 18 වැනිදා ආරම්භ කළ මෙම ප්‍රදර්ශනය එළඹෙන 27 වැනිදා තෙක් දින දහයක් පුරා, සතියේ දිනවල උදැසන 10 සිට රාත්‍රී 10 දක්වාත් සිකුරාදා සිට ඉරිදා තෙක් අඛණ්ඩව පැය 24ක් පාඨකයා වෙනුවෙන් විවෘත වෙනවා.

සාහිත්‍ය, කලාව, ළමා කතන්දර, ඉතිහාසය, ව්‍යාපාරික, ආගම, ක්‍රීඩා, විද්‍යාව හා තාක්ෂණය, ඉවුම් පිහුම්, සෞඛ්‍ය සහ යහපැවැත්ම, චිත්‍රකතා, චරිතාපදාන වැනි අංශ ගණනාවක් ආවරණය වන පරිදි පොත් ඉදිරිපත් කර ඇති “බිග් බෑඩ් වුල්ඩ්” ප්‍රදර්ශනයට විශාල පිරිසකගේ ආකර්ෂණය මේ වනවිට හිමිවී තිබෙනවා.

20191021Book-1 20191021Book-2 20191021Book-3