ෆාතිමා ශනාස්ගේ “Hope” GOA කෙටි චිත්‍රපට උලෙළට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෆාතිමා ශනාස් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “Hope” කෙටි චිත්‍රපටය 6 වැනි GOA කෙටි චිත්‍රපට උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.

මෙම සිනමා උලෙළ නොවැම්බර් 6 සහ 7 දෙදින ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ය.

“Hope” චිත්‍රපටය මෙවසරේ දී බෙංගාල ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල සහ බංග්ලාදේශ ගෝලීය යෞවන සිනමා උළෙල නියෝජනය කිරීමට ද අවස්ථාව හිමි කරගෙන තිබුණි.

හර්ෂි රසංගා, A. උමා, කලයි චෙල්වම්, අනිල් k. විජේසිංහ රංගන දායකත්වය සපයා ඇති මෙම කෙටි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය විරාජ් ලියනාරච්චි, සංස්කරණය සංඛ මල්වත්ත, නිෂ්පාදන කළමනාකරණය තමීර මංජු, සහාය අධ්‍යක්ෂණය ඉඳුවර අර්ථනායක, පසන් කස්තුරි සහ සංගීතය රචික ද සිල්වා අතින් නිම වී ඇත. නිෂ්පාදනය අනෝමා රාජකරුණා විසිනි.

20191106Short-1