කේරලයේදී ඇගයුම් ලද මාලනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ මලයාලම් සිනමා කාර්මික ශිල්පීන්ගේ සංගමය (Malayalam Cine Technicians Association- MACTA) විසින් පළමු වරට සංවිධානය කළ මැක්ටා කාන්‍තා අන්තර්ජාතික සිනමා උලෙළ ( MACTA Women's International Film Festival) ඊයේ කේරලයේ කෝචි නගරයේදී නිමා විය.

ජාත්‍යන්තර කීර්තිධර සිනමා අධ්‍යක්ෂකවරියන්ගේ සිනමා නිර්මාණයන් උදෙසා වෙන් වූ මෙම උලෙළේ සමාරම්භක උත්සවය පසුගිය නොවැම්බර් 01 දින පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත ශිල්පිනිය ලෙසින් හෙළ නිළි රැජින මාලිනි ෆොන්සේකා ඇරයුම් ලැබ තිබුණි.

දශක 05 කට අධික කාලයක් සිනමා නිළියක් ලෙසත්, එයට අමතර සිනමා අධ්‍යක්ෂකවරියක ලෙසත් ඇය සිනමාව වෙනුවෙන් දැක් වූ දායකත්වය මෙහිදී ප්‍රශංසාවට බඳුන් විය.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

20191107Malani-(1)20191107Malani-(2) 20191107Malani-(3) 20191107Malani-(4) 20191107Malani-(5) 20191107Malani-(6) 20191107Malani-(7) 20191107Malani-(8) 20191107Malani-(9)