ගැන්සි ගහන කොල්ලෝ ගෙනෙන චක‍්‍රා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191128band-1ඉතාම කෙටි කාලයකින් ජනප‍්‍රියවූ සංගීත කණ්ඩායමක් ලෙස ‘රෝෂක සමග චක‍්‍රා’ හඳුන්වන්න පුළුවන්. අකරගම ප‍්‍රදේශයෙන් ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයට එක්වූ මේ සංගීත කණ්ඩායමේ නායකයා ලෙස රෝෂක මුතුගල හඳුන්වන්න පුළුවනි. ඔහු මෙහි රිදම් ගිටාර් වාදකයා ලෙස ද කටයුතු කරයි. රෝෂක තම ‘චක‍්‍රා’ :ක්‍ය්නර්* සංගීත කණ්ඩායම පිළිබඳව පැවැසුවේ මෙවැනි අදහසකි.

මෙතරම් ඉක්මනට කෙටි කලකින් ‘චක‍්‍රා’ සංගීත කණ්ඩායම ජනප‍්‍රියවීමේ රහස කැපවීම හා උත්සාහයයි, එයට ලොකුම ශක්තියක් වුණේ මගේ අයියා වන සම්පත් මංචනායක දැමූ ‘චක‍්‍රා’ නම හින්දයි. මම සංගීත කණ්ඩායම ආරම්භ කළේ 2017 පෙබරවාරි 5 වැනිදා. අපි මේ වනවිට අලූත් නිර්මාණ 2ක් පේ‍්‍රක්ෂකයන්ට තිළිණ කර තිබෙනවා. ඒ ‘ගැන්සි ගහන කොල්ලෝ’ සහ ‘මේ මනාපේ’ ජගත් කිත්සිරි පෙරේරා මෙයට දායකවුණා. ඒ වගේම අපේ අකිල ඉමිආරච්චි ගැයූ ‘මියයන්නේ එක පාරයි’ ගීතය ළඟදීම පේ‍්‍රක්ෂකයන්ට තිළිණ කරන්නයි හඳන්නේ. සුරේෂ් අමරසිංහ තමයි ඒ ගීතය රචනා කළේ.

අවංකව, නිහතමානීව එකාමෙන් අපි සියලූදෙනා සහයෝගයෙන් වැඩකරන නිසා මේ හැමදේම අපට ලැබුණා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම අකරගම මගේ ගමේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි අපගේ ශක්තියෙන් උත්සාහයෙන් ඉදිරියටම යනවා. කෙටි කාලයක් තුළ රසිකයන් තුළ අපි නමක් හිමිකර ගත්තේ අපගේ ශක්තිය පේ‍්‍රක්ෂක ඔබගේ ශක්තිය,  ප‍්‍රතිචාරය හින්දයි.

අපේ ‘චක‍්‍රා‘ සංගීත කණ්ඩායම විසින් සාගර (කීබෝඞ්, සමිත් වන්නිආරච්චි (ලීඞ් ගිටාර්) ගයාන් සම්පත් (බේස් ගිටාර්) ඇන්ටන් සංජීව (ඩ‍්‍රම්ස්), කීර්ති ප‍්‍රියකුමාර (ඔක්ටපෑඞ්) මාත් එක්ක වාදනයෙන්ද ජනකප‍්‍රදීප්, අලික ඉමිආරච්චි, ලයනල් පිරිස් හා නලීන් පෙරේරා ගායකයන් ලෙසින්ද එක්වෙනවා. ඔවුන්ගේ ශක්තිය මට මහාමෙරක් වගෙයි. අපි ගැන දැනගන්න නම් රොෂක මුතුගල, අංක 41 බී, පන්සල පාර, අකරගම යන ලිපිනයේ හෝ ක්‍ය්නර්රදිය්න්?ටප්සකගජදප විද්‍යුත් ලිපිනයෙන් හෝ පුළුවන්.

සමන්ත යහම්පත්

20191128band-2