මට ලාංකික සංස්කෘතිය හඳුනාගන්න ලැබෙන්නේ එවැනි මොහොතකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201009Drum-(2)

2016 වසරේදී නව සංගීත භාණ්ඩ යොදා ගනිමින් ආරම්භ කෙරුණු ‘ඔරිජින්ස්’ සංගීත කණ්ඩායම මේ වන විට තවත් සන්ධිස්ථානයකට ළඟාවෙමින් සිටී. ඒ බට හා සම්බන්ධ සංගීත භාණ්ඩ යොදා ගනිමින් ගීතයක් නිර්මාණය කිරීමට පෙළඹීමෙනි. එහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම නිර්මාණය සඳහා මෙම සංගීත ක්‍රමය හා සම්බන්ධ ලෝක ප්‍රකට විශේෂඥයකු වන ස්නබි ජේද මොවුන් සමගින් එක්වීමයි. මේ ඒ සම්බන්ධයෙන් ‘ඔරිජින්ස්’ සංගීත කණ්ඩායමේ නායක සප්න ෆොන්සේකා සමගින් කළ කතාබහයි. 

“2016 වසරේදී තමයි අපි මේ සංගීත කණ්ඩායම ආරම්භ කළේ. කුණු බාල්දි වගයක් එකතු කරගෙන තමයි එදා මේක පටන් ගත්තේ. ඒ සිනෙක් විශ්වවිද්‍යාලයේ තිබුණු ටැලන්ට් ෂෝ එකේදි. එදා තමයි අපේ දක්ෂතා මුලින්ම පෙන්නුවේ. පොඩි බීට්ස් වගයක් එකතු කරගෙන තමයි මේක පටන් ගත්තෙත්. එතකොට හිටියෙ අට දෙනයි. ඒත් ඒ කවුරුත් මියුසික් කලින් කළ නෙමෙයි. මම විතරයි ඩාන්සිං කරපු කෙනෙක්ට හිටියෙත්. එවැනි පසුබිමක තමයි අපේ කණ්ඩායම ගොඩනැගෙන්නේ.

20201009Drum-(5)

ඉන්පස්සේ අපි ‘Inter University Talent Show’ එකට ගියා. පළමු ස්ථානය දිනා ගත්තා. ‘ITN Youth with Talent Show’ එකට ගියා. එතනදිත් අපට අවසන් පූර්ව වටය දක්වා යන්න පුළුවන් වුණා. ඒ ආකාරයෙන් තමයි අත්හදා බැලීම් කරමින් ඉදිරියට ගියේ. ඒ අතරේ තමයි අපි පයිප් ඉන්ස්ටෘමන්ට් එකක් හදාගත්තේ. ඉන්ස්ටග්‍රෑම්,යූටියුබ් දාපු ඒ වීඩියෝස් දැකල තමයි ස්නබි ජේ අපිත් එක්ක එකතුවෙන්නේ. ඒත් ඒ වෙද්දි අපි ගීතයක් නිර්මාණය කරල තිබ්බෙ නෑ. ඔහු කළ ආරාධනාවත් එක්ක තමයි ගීතයක් නිර්මාණය කරන්න හිතුවෙ. ඔහුගෙන් ලාංකික දෙයක් ලබාගන්නයි අපි උත්සාහ කළේ. ඒ නිසා තමයි මේ සඳහා කරත්ත කවියක්,සුරඹා වල්ලිය,ප්‍රශස්ති යන ජන කවි මූලාශ්‍ර මේ සඳහා ආශ්‍රය කර ගත්තේ.

මේ කාර්යයේදී අපට මුහුණදෙන්න විශාලතම අභියෝගය තමයි මෙම ස්වාභාවික සංගීත භාණ්ඩවල තුලිතතාවය පවත්වාගෙන යාම. කොහොම වුණත් අපි සතියට දවස් දෙකක් විතර ප්‍රැක්ටිස් කළා. මොකද පයිප් ඉන්ස්ටෘමන්ට් යොදාගෙන නිර්මාණය කරන පළමු ලාංකික ගීතය නිර්මාණය කරන්නේ අපේ සංගීත කණ්ඩායම. මීට කලින් අපි දැනුවත්ම මෙවැනි දෙයක් සිදුවෙලා නැහැ.  *

මොවුන් සමග පුහුණුවීම් කටයුතුවල යෙදුණු ස්නබි ජේද මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූයේය.

20201009Drum-(1)“මගේ ඇත්ත නම ජේ. කේන්ස්. මගේ පළමු ලංකාගමනය මේක. අන්තර්ජාලයේදි මම දැක්කා මේ කණ්ඩායම බටවලින් නිර්මාණය කළ අපූරු සංගීත භාණ්ඩ වාදනය කරනවා. මම හැමදාම උත්සාහ කළා මෙම වාද්‍ය භාණ්ඩ එක තැනකට ගේන්න. මොකද මම ළමා කාලයේ ඉඳන්ම වාදනයේ නිරත වන කෙනෙක්. මෙම බටවලින් සුවිශේෂී ස්වර රටා මවනවා. අතිශයින්ම ස්වාභාවික සංගීතයක් මේ හරහා නිකුත් වෙන්නේ. මේ කෙරෙහි මම ආකර්ෂණය වුණේ මේ හින්දා. ඒ කාලෙ මට හිතුණෙ ඇයි මේවා ප්‍රසංගවලට,නාට්‍යවලට යොදාගන්නේ නැත්තේ කියලයි. මොකද මීට පන්ති භේද නෑ. වර්ගීකරණ නෑ. සංගීතය කියන්නේම විශ්ව භාෂාවක්. මම තාමත් ඒ ගැන හදාරන්නේ ඒ නිසා. ‘ඔරිජින්ස්’ සංගීත කණ්ඩායම එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙත්, මට ලංකාවට එන්න අවස්ථාව ලැබෙන්නෙත් ඒ හින්දා.

මම දැක්කා මොවුන්ගේ පවතින විවිධත්වය. මොකද මීට පෙරත් මම ඉන්දියාවේ බට හා සම්බන්ධ සංගීත භාණ්ඩ භාවිතා කරමින් ප්‍රසංග පවත්වල තියෙනවා. ජපානයටත් ගිහින් තියෙනවා. සිංගප්පූරුවෙත් ගිහින් තියෙනවා. ඒත් මම විශ්වාස කරන්නෙ නැහැ මම වෘත්තිමය වශයෙන් කළ හැදෑරීම තවම ප්‍රමාණවත් කියල. ඒ හින්ද නැවතත් කියන්නෙ මම තාමත් මේක හදාරන මට්ටමකයි සිටින්නේ.  මම වැඩිපුරම කටයුතු කළෙත් නාට්‍ය ක්ෂේත්‍රය එක්ක. වෘත්තිමය වශයෙන් ජීවිතය ආරම්භ කළ මගේ පළමු අවුරුද්දත් මේක. මට ලාංකික සංස්කෘතිය හඳුනාගන්න ලැබෙන්නේ එවැනි මොහොතක. ඒ නිසා මම නිතරම ලාංකිකයන්ගේ වීඩියෝස් ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්. මට අවශ්‍යයි තව තවත් මගේ ක්ෂේත්‍රය තුළ පුළුල් වෙන්න. හැබැයි මම නිදහසේ මගේ දක්ෂතා ඉදිරිපත් කරන්න කැමැති කෙනෙක්. මේ වගේ සංගීත භාණ්ඩයක් නිර්මාණය කළ පුද්ගලයන් අතර මමත් ඉන්නේ ඒ හින්දා වෙන්න ඇති. මිනිස්සු මගේ සංගීත භාණ්ඩය ගැනත් උනන්දු වුණා. ‘ඔරිජින්ස්’ සංගීත කණ්ඩායමත් එහෙමයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මගේ ආභාසය ලැබූ කණ්ඩායමක් එක්ක කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා.

කොහොම වුණත් ‘ඔරිජින්ස්’ සංගීත කණ්ඩායම නිර්මාණය කළ සංගීත භාණ්ඩයත් හරිම අපූරුයි. විනෝදයි. ඒ නිසා ඒ සංගීත භාණ්ඩය වාදන කරල මම විශාල ආස්වාදයක් ලැබුවා. අනික ඒක කිසිම සංගීත කුලකයකට ඇතුළත් කරන්න පුළුවන් වර්ගයේ එක්ක නෙමෙයි. ඒකත් විශේෂත්වයක්. එවැනි තත්ත්ව මත මොවුන් සමග ගීතයක් නිර්මාණය කිරීමම අභියෝගාත්මකයි. ඒක තමයි මම මේ මොහොතේ මුහුණදෙන බරපතලම අභියෝගය. හැබැයි ඒක මට ජයගන්න පුළුවන්. ඒ වගේම තවත් ගීත තුන හතරක්ම නිර්මාණය කරන්නත් මට ආස හිතිල තියෙන්නේ. පොප් ගීතයක් නිර්මාණය කරන්නත් මම හිතන් ඉන්නවා. රූප රචනාවකුත් කරනවා.මොකද අපි හැමෝම සංගීත එක්ක එකතුවෙලා ඉන්න අය. ඒ ඔස්සේ මට පුළුවන් වේවි ලාංකිකයන් ආමන්ත්‍රණය කරන්න.

- මාලන් විදානපතිරණ

20201009Drum-(3) 20201009Drum-(4) 20201009Drum-(6) 20201009Drum-(7) 20201009Drum-(8)