හැමවිටම අපි අලුත් දේවල් කරන, අලුත් වෙන ගුවන් විදුලි නාලිකාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200122Sha-2ෂා එෆ්එම් දහඅට වසරක් පුරා ශ්‍රාවක හදවත් එක ලෙසින් දිනාගත් ගුවන් විදුලි නාලිකාවකි. පසුගිය 21 දා ඔවුන්ගේ දහඅටවන සංවත්සරය සැමරුනි. එය නිමිති කර ගනිමින් මේ සම්මුඛ වීම ෂා එෆ් එම් නාලිකා ප්‍රධානී කෙවීන් නදීර සිල්වා සමගිනි.

ෂා එෆ් එම් දහ අට වන සැමරුම සිදුවන්නේ කෙලෙසින්ද?

අපි සංවත්සරයක් සමරන සෑම අවස්ථාවකම අලුත් දෙයක් කරනවා. සෑම වර්ෂයකම ජනවාරි මාසයේ අපි සමරන සංවත්සරය තමයි ඒ වර්ෂය තුළ සිදුවන විශාලම සංවත්සරය බවට පත් වෙන්නේ. මේ වසර දාහත තුළ අපි නිරන්තරයෙන්ම අලුත් දෙයක් හඳුන්වා දෙනු ලැබුවා. සෑම වසරකම ලංකාවේ ඉන්න ජනප්‍රියම කලාකරුවන් වැඩිම ප්‍රමාණයක් සහභාගි වෙන සංවත්සර සැමරුම බවට පත්වෙන්නේ අපේ සැමරුම. මෙවර සැමරුම ගැන කතා කළොත් උදෑසන සිට ෂා එෆ්එම් හි විකාශය වන සියලු වැඩසටහන් මෙහෙයවීම සිදුකරන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම කලාකරුවන් විසින්. ෂා එෆ්එම් යූටියුබ් චැනල් එක තුළින් එය සජීවීව නරඹන්නත් අවස්ථාව ලැබෙනවා. එය ඔවුන්ට වගේම ශ්‍රාවකයින්ටත් හොඳ අත්දැකීමක් බවට පත්වෙයි. සවස ලංකාවේ සිටින වැඩිම ගායක ගායිකාවන් පිරිසක් සහභාගි වන සංගීත ප්‍රසංගයකින් තමයි අපි හැමවිටම අපේ සංවත්සරය නිමා කළේ. නමුත් මෙවර අපි සංගීත කණ්ඩායම් හතරකට අවස්ථාව ලබාදෙනවා. 21 වැනිදා දවස පුරාම සංගීත කණ්ඩායම් හතරකට අවස්ථාව ලබා දී තිබෙනවා. ලංකාවේ කලාකරුවන් වැඩිම ප්‍රමාණයක් දායක වන සංවත්සරය බවට මෙය පත්වෙනවා.

දහඅට වසරක කාලයක් ෂා එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ ගමන් මග හා ගුවන් විදුලි නාලිකා අතර ස්ථානගත වීම ගැන ඔබේ අදහස මොකක්ද?

හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත 2002.1.21 දින තමයි ෂා එෆ් එම් නාලිකාව ආරම්භ වෙන්නේ. ඒ කාලේ ගුවන් විදුලි නාලිකා බොහෝ ප්‍රමාණයක් තිබුණේ නැහැ. වෙනස් ගුවන් විදුලි නාලිකාවක් ඇති කරන පරමාර්ථය තමයි තිබුණේ. අවුරුදු 18 වන විට ලංකාවක්ම ආදරය කරන ගුවන් විදුලි නාලිකාවක් බවට පත්ව තිබෙනවා. දැන් ෂා එෆ්එම් ඇප් එක තුළින් විදේශ රටක සිට වුවත් සවන් දීමේ හැකියාව තිබෙනවා. වෙබ් අඩවියෙන් අහන්නත් පුළුවන්. ඒ ගැන අපිට සතුටුයි. අපේ ශ්‍රාවකයින් වැඩිවීමක් තමයි මේ කාලය තුළ සිදුවෙලා තිබෙන්නේ. අපිට අරමුණක් තිබෙනවා. අපි ඒ අරමුණු ජයග්‍රහණය කරලා තිබෙනවා. අපේ සහෝදර නාලිකාව හිරු එෆ්එම් නාලිකාවෙනුත් අපිට සහයෝගය ලැබෙනවා. හිරු ටීවී එකෙන් සහයෝගය ලැබෙනවා. කණ්ඩායම් හැඟීමකින් කණ්ඩායමක් ලෙස වැඩ කළ නිසා තමයි අපි මේ සියලු ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ. මීට අවුරුදු 18කට පෙර මේ ගුවන් විදුලි නාලිකාව එක්ක එකතු වූ පිරිස දැන් යූත් කැටගරි එකේ නැහැ. අපි ‘යූත් කැටගරි^ එකත් එක්ක යන ගුවන් විදුලි නාලිකාවක්. එසේ වුවත් ඔවුන් අපි සමග ඉන්නවා. ෆේස්බුක්,ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් ආදි සියල්ලන්ගෙන්ම ෂා එෆ්එම් ඉහළින් ඉන්නවා. අපි හැමවිටම අලුත් දේවල් කරන, අලුත් වෙන ගුවන් විදුලි නාලිකාවක්. අවුරුදු 18ක් කියන්නේ පරණයි. නමුත් අපි අලුත්.

ෂා එෆ්එම් වැඩසටහන්වලට වඩා වැඩි මූලිකත්වයක් ලබා දුන්නේ ගීතවලට?

අපේ සභාපතිතුමා නාලිකාව තුළ ඕනෑම ගීතයක් ප්‍රචාරය කරන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා.අපි සින්දු ෆිල්ටර් කරන්නේ නැහැ.අපි ප්ලේ ලිස්ට් එකක් හැදුවම අපි යූත් කැටගරියෙම ඉඳන් නෙමෙයි එය කරන්නේ. අපි ඉන්නේ යූත් කැටගරි එකේ වුණත් පවුලටම අහන්න පුළුවන් සින්දු ඇහෙන ගුවන් විදුලි නාලිකාව තමයි ෂා එෆ්එම් කියන්නේ. ඕනම මොහොතක ඕනම ගීතයක් අහන්න පුළුවන් නාලිකාවක් බවට පත්වෙලා තිබෙනවා. ෂා එෆ්එම් හා හිරු එෆ්එම් ගීත වාදනය වුණොත් ඒ ගීත ජනප්‍රිය වෙනවා කියලා ගායකයින් පවා දන්නවා.

දහඅටවෙනි සැමරුමෙන් පසු ෂා එෆ්එම් වෙනස් වෙන්නේ කෙලෙසින්ද?

ෂා එෆ්එම් සින්දු කාමරේ ගත්තොත් ලංකාවේ ඉන්න ආධුනික සංගීත කණ්ඩායම්වලට ජාත්‍යන්තරය දක්වා යන්න අවස්ථාවක් ලබා දෙන තැනක් බවට පත්ව තිබෙනවා. මීට පෙර සින්දු කාමරේ අහන්න විතරයි පුළුවන්. නමුත් දැන් ෂා එෆ්එම් යූටියුබ් චැනල් එක තුළින් එය නරඹන්නත් හැකියාව තිබෙනවා. ඉදිරියේදී මෙය තවත් දියුණු කරන්න සැලැසුමක් තිබෙනවා. ඒ වගේම ෂා එෆ් එම් ‘Final Friday^ තුළින් සංගීත කණ්ඩායමක් දෙකක් එකම තැනක තරග කරන්න අවස්ථාවක් ලබා දී තිබෙනවා. ප්‍රසංග වේදිකා දෙකක් වෙනුවට ස්ටුඩියෝවක් තුළ මෙය කරන්න අවස්ථාවක් ඇති කර තිබෙනවා. හින්දි ගීතවලට කවර් වර්ෂන්වලට ලොකු ඉඩක් ලබා දෙන වැඩසටහන් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට ලංකාවේ ජනප්‍රියම නාලිකාව හිරු එෆ්එම්. ඉන් පසු ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

20200122Sha-1