ජනප්‍රිය නළු අකිල ධනුද්දරගේ අලුත උපන් දියණියගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුන අඛිල ධනුද්දර පහුගිය දවසක කුලුඳුලේම පුංචි දියණියකගේ තාත්තා කෙනෙක් වුනේ ප්‍රවීන කලා ශිල්පින් වුන ජැක්සන් - කුමාරි යුවළටත් කුලුඳුලේම මිනිබිරියකගේ හුරතල් දකින්න වාසනාව උදාකරමින්.

කලා පවුල අලුත් අමුත්තියගේ ආගමනයත් එක්ක සතුටින් ඉපිලෙමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

පවුලේ අය වගේම නෑදෑ හිතවතුන් බොහෝ පිරිසක් අඛිලගේ ආදරණිය බිරිඳ ඇමීවත් පුංචි දියණිය කූශිවත් බලන්න ඇවිල්ලා තිබුනා. මේ වෙද්දී අම්මයි දුවයි දෙන්නම හොඳ සනීපෙන් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ අතරේ අලුත් උපන් පුංචි දුවගේ නැන්දා එහෙමත් නැත්නම් අඛිලගේ ආදරණිය සහෝදරිය මාධවී අලුත් පුංචි බබා එක්ක බොහොම අපූරු ඡායාරූප වගයක් අරගෙන තිබුනා.

බබාගේ මුහුණ පේන්නේ නැති විදිහට හදලා ඉවර වුනාට පස්සේ මේ ඡායාරූප ටික තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරන්නත් මාධවී අමතක කරලා තිබුනේ නෑ.

පුංචි දුව පවුලට එකතු වෙන්නේ මේ ජැක්සන් පවුලේ දරුවෝ තුන්දෙනා විවහා වෙලා පළවෙනි විවහ සංවත්සරය සමරන්න සුදානම් වෙන වෙලාවක වීමත් බොහොම විශේෂත්වයක් වෙලා තියනවා.

20200123Akila-120200123Akila-2 20200123Akila-3 20200123Akila-4