‘විජයබා කොල්ලය’ සිනමා කෘතිය නොමිලේ අද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධ්‍ය හා නර්තන වැනි අංශ තුළින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘CSR කලා කෙත’ මගින් සංවිධානය කරන සිනමාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘විජයබා කොල්ලය’ සිනමා කෘතිය සම්බන්ධ චිත්‍රපටය ප්‍රදර්ශනය හා විද්වත් සිනමා කතිකාව අද (25දා) සවස 01.00 සිට මරදාන, 281, ඩීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම විද්වත් කතිකාව සඳහා ප්‍රවීණ විචාරකයින් වන ප්‍රියන්ත කොඩිප්පිලි, තුසිත ජයසුන්දර, සුජිත් අක්කරවත්ත යන විද්වතුන් අදහස් දැක්වීම සිදු කරන අතර ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ සභාව මෙහෙයවීම හා නිවේදනය සිදු කරයි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකයේ පූර්ණ අනුග්‍රහයෙන් හා සංවිධානයෙන් පැවැත්වූ මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය ‘‘කෙටි චිත්‍රපට සංගමය හා ‘‘ශ්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය මගිනි.

විමසීම් තිළිණ අලහකෝන්  0716 492399

 

මාලන් විදානපතිරණ

20200123Film-1