සජීවී කලාවක් උදෙසා ‘වේදිකාවෙන් මහපොළොවට’ කෙටි නාට්‍ය උළෙල දැන් පිටපත් කැඳවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් පහළොස්වැනි වරටත් සංවිධානය කරන ‘වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල’ සඳහා නාට්‍ය පිටපත් කැඳවීම දැන් ආරම්භ කර තිබේ.

සියල්ල විකිණෙමින් විකුණමින් පවතින සමාජයක කලාවට අත්ව ඇත්තේද එවැනිම ඉරණමක් බවත්, ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප කලාව ගොඩනැගීමේ අරගලය මෙසේ ආරම්භ කර ඇති බවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු පාරට බැස කරන අරගලවලට පමණක් සීමා නොවූ සජීවී කලාවක්, යහපත් සමාජයක් උදෙසා අනවරත අරගලයක යෙදී සිටින පිරිසක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව සඳහන් කරන අතර ‘වේදිකාවෙන් මහපොළොවට’ කෙටි නාට්‍ය උළෙලද එම අරගලයේ එක් පරාවර්තනයක් බවත්, අංකුර කලාකරුවන්ට අත්වැලක් සපයනවා මෙන්ම මනුෂ්‍යත්වය ගොඩනගන, සමාජයට ආදරය කරන කලාකරුවෙකු බිහිකිරීමේ අරමුණද මෙහි ප්‍රධාන වන ඔවුහු සඳහන් කරති.

‘වේදිකාවෙන් මහපොළොවට’ කෙටි නාට්‍ය උළෙල සඳහා විවෘත අංශයෙන් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හෝ වෙනත් ඕනෑම නිර්මාණකරුවෙකුට තම නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර පාසල් අංශය ඔස්සේ පාසල් සිසුන්ට පමණක් සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

අංකුර වේදිකා නාට්‍යකරුවන්ගේ නාට්‍ය නිර්මාණ සඳහා මහඟු තෝතැන්නක් වූ සජීවී කලාවක් උදෙසා පැවැත්වෙන මෙම කෙටි නාට්‍ය උළෙල සඳහා පිටපත් කැඳවීම සිංහල සහ දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම සිදුකෙරෙන අතර සියලු නිර්මාණ 2020 මාර්තු මස 31 දිනට පෙර සභාපති, සාහිත්‍ය අනුකමිටුව, මහා ශිෂ්‍ය සංගමය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

වැඩි විස්තර හා ආදර්ශ අයදුම්පත්‍රය වේදිකාවෙන් මහපොළවට නිල Facebook පිටුවෙන් ලබාගත හැකිය.

මාලන් විදානපතිරණ

20200218Drama-1