"කොරෝනා පැතිර යාම වළක්වා ගන්න හැමෝම සහය දෙන්න" ජයශ්‍රී ගෙන් ඉල්ලීමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරන, කොවිඩ්-19 වෛරසයේ පැතිර යාම වළක්වා ගැනීමට සියලු දෙනා එකා මෙන් සහයෝගය ලබා දෙන ලෙස ජයශ්‍රී සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායන ශිල්පී රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ද මේ අවස්ථාවේ ස්වයං නිරෝධායානයට යොමුව ඇති බවත් නිවාඩු ලැබුණා කියලා විනෝද චාරිකා නොයා වසංගතය පැතිර යාම වළක්වා ගැනීමට සහයෝගය දෙන ලෙසත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර සිටියි.

එසේම, රටක් හැටියට, ලෝකයක් හැටියට වැටිලා ඉන්න අවස්ථාවක අපි හැමෝම එක්ව සටන් කළ යුතු බවත් එකිනෙකාට උදව් කරගනිමින් මේ වසංගත තත්වයෙන් ගොඩ ඒමට ක්‍රියා කළ යුතු බවත් ඔවුන් දෙදෙනා වැඩි දුරටත් සඳහන් කර යි.

20200323Jayasri-1