සමිතගේ ‘ආයුබෝවන්’ සිංදුව කොරෝනා නිසා කල් යන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ පරපුර අතර ජනප්‍රිය යොවුන් ගායකයන් අතරේ විශේෂ තැනක් සමිත් සිරිමාන්නට ලැබේ. අතිශය ජනප්‍රිය ගීත කිහිපයක්ම ගයනා කර ඇති ඔහු මේ වනවිට සිය නවතම ගීතය එළිදක්වන්නට සූදානමින් සිටියි. සිය අලුත්ම ගීතය පිළිබඳව ‘සාරවිට’ අප සමගින් ඔහු දැක්වූ අදහස් මේ

‘ආයුබෝවන්’ මේක තමයි මගේ අලුත්ම ගීතයේ නම. මේක ආදර ගීතයක්. නමුත්, වෙනස්ම විදිහේ අත්දැකිමක් තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ. ගැනු ළමයෙක් මුලින්ම දුටු අවස්ථාවේ පිරිමි ළමයෙකුට ඇතිවන ආදර හැඟිමක් ගැන තමයි මෙහි ඇතුළත් වෙන්නේ. ගීතය ලිව්වේ ලසිත් ජයනෙත්ති. සංගීතවත් කළේ ඩිල්ශාන් සිල්වා. මෙහි ඕඩියෝවේ දැන් වැඩ අවසන්. ඒත්, මම බලාපොරොත්තු වෙනවා මේ ගීතය විඩියෝවක් සමගම එළිදක්වන්න. මේ දිනවල එහි වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවා. නමුත්, රටේ තියෙන තත්ත්වයත් එක්ක මම හිතනවා මේ ගීතය එළිදක්වන එක තරමක් ප්‍රමාද කරන්න. 

20200324Samith-1