තිස්ස නාගොඩවිතාන මහතාගේ අවසන් කටයුතු අද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත‍්‍රපට සංරක්‍ෂයෙකු ලෙස වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව සිටි තිස්ස නාගොඩවිතාන මහතා අභාවප‍්‍රාප්තවී ඇත.මිය යන විට ඔහුගේ වයස 72කි.

දේශීය සිනමාවේ බොහෝ පැරණි චිත‍්‍රපට මෙන්ම ටෙලි නාට්‍ය සංරක්‍ෂණය කෙරුනේ ඔහුගේ මැදිහත්වීමෙනි. තිස්ස "කෝලම්කාරයෝ" සහ "කැකිල්ලේ රජ්ජුරුවෝ" නම් වූ චිත‍්‍රපට   නිෂ්පාදනය කරමින් සිනමාවට එක්විය.

තිස්ස නාගොඩවිතාන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (මාර්තු 26 වන දින) සවස 4.30 ට බොරැල්ල කනත්තේදී සිදු කරන බව බෙනට් රත්නායක මහතා ප‍්‍රකාශ කළේය.

ඊට පෙර බොරැල්ල ජයරත්න VIP ශාලාවේ තැන්පත් කිරීමට නියමිත බවත් මිරර්ආර්ට්ස් වෙත ප‍්‍රකාශ කරන ලදී.
පවතින අයහපත් වසංගත තත්ත්වය නිසාද රට තුළ ඇති ඇඳිරිනීති තත්ත්වය නිසා ද ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යාමට ඇති ඉඩ කඩ සීමීත විය හැකිය.

20200325Thissa-1