මේ ව්‍යසනයෙන් ගැලවීමේ වගකීම ඔබ අතේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත්තේ නැත්නම්  මේ ව්‍යසනයෙන් ගැලවීමට පුළුවන් කමක් නැතැයි ප්‍රවීන ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී පවසයි.


ඇය තවදුරටත් මෙසේද පවසා සිටියේය.

''ඔබත් ඇතුලු සියලු දෙනාම සියලු මනුෂ්‍ය වර්ගයාම ලෝකවාසී සියලු දෙනාම මේ එකම ප්‍රශ්නයට ගොදුරුවෙලා එකම පීඩනයට පත්වෙලා ඉන්න මේ වෙලාවේ, මේ ව්‍යසනයෙන් ගොඩ එන්න නම් අපි වගේ දුප්පත් රටකට හරිම අමාරුයි. ඒ නිසා අපි මේ ඉන්න මානසික මට්ටම වෙනස් විය යුතුයි කියලා මම හිතනවා. 

මොකද තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගත්තේ නැත්නම් මේ තරම් මාධ්‍ය තුලින් කියද්දිත් කොහොමද තමන්ගේ ආරක්ෂාව සපයාගන්න ඕනේ  කියන එක,  ඒක ඒ විදිහට පිළිපැද්දේ නැත්නම් අපිට මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට හම්බවෙන්නේ නැහැ. 

තව ලක්ෂ ගාණක් දහස් ගාණක් ජීවිත නැති කරගෙන තමයි ඒක හිතන්න වෙන්නේ. ඒ නිසා මේක හමුදාවකට පමණක් රජයකට පමණක් මේ වෙනුවෙන් තනිවම වැඩ කරන්න බැහැ. ඔවුන්ගේ විතරක් නොවෙයි මේක අපේ වගකීමක් තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න එක. 


 ''මේක හමුදාවකට පමණක් රජයකට පමණක් මේ වෙනුවෙන් තනිවම වැඩ කරන්න බැහැ. ඔවුන්ගේ විතරක් නොවෙයි මේක අපේ වගකීමක් තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න එක. ''


මම දන්නවා මේ වෙනකොට බොහෝ දෙනක් මේක සමච්චලයකට විහිලුවකට අරන් තියෙන අවස්ථාවක්. මම ඒවා දකිනවා, දැකලා තියෙනවා. මාධ්‍ය තුලින් දකිනවා. නමුත්  එහෙම වෙන්න එපා. මේක එහෙම විනෝද වෙන්න පුලුවන් කාලයක් නොවයි. විනෝද වෙන්න පුලුවන් මේක සම්පූර්ණයෙන් තුරන් වුණ දවසට.

''නැතිබැරි අයට අපි උදව් කරමු මේ වෙලාවේ''

 ජීවිත දහස් ගාණක් බිලි අරන් තමයි මේක නවතින්නේ. අපේ ජීවිතවල වටිනා කම අපිට එතකොට දැනෙයි. සියලු ධර්මයන් යටත් ස්වභාවධර්මයාට. මම ඒ ගණුදෙනුව ස්වභාවධර්මයාත් එක්ක කරනවා. මම ඇතුලු ඔබ ඇතුලු ඔබේ පවුල සහ තමන් ඇති කරන සතා සිවුපාවා පවා මේ වෙලාවේ ආරක්ෂා කරන්න. 

මේවා අපි භාරගමු තමතමන් අපිට මේ ව්‍යසනයෙන් ගොඩ එන්නට නම්. නැතිබැරි අයට අපි උදව් කරමු මේ වෙලාවේ. අපිට ගොඩ දේවල් ඕනේ නැහැ. අපිට එක වේලක් කාලා හරි ජීවත් වෙන්න පුලුවන්. දැන් අපි කරන්න ඕනේ මේකෙන් ගොඩ එන එක. ජේසු පිහිටයි ඔබ සැමට.''

20200325Nirosha-1