සියලුම වැඩ අතරමඟ නැවතුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ ‘ඩ්‍රීම් ස්ටාර්’ රියලටි තරු මාවත හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි දිනේෂ් තරංග බොහෝ තරුණ පිරිසකගේ ආදරය දිනූ යොවුන් ගායන ශිල්පියෙකි. ඔහු ගායනා කළ ‘මීවිත පිරුණා’ ගීතය අදටද බොහෝ පිරිසක් අතර ජනප්‍රියව ඇති ගීතයකි. ‘කොරෝනා’ රෝගය දිවයින පුරා පැතිරිමත් සමග සියලු කලා කටයුතු ඇණ හිටි ඇති අවස්ථාවක දිනේෂ්ගෙන් අපි මේ දිනවල සිදු කරන කලා කටයුතු පිළිබඳව තොරතුරු විමසුවා.

මේ දිනවල කිසිම කලා කටයුත්තක මම නිරත වෙන්නේ නැහැ. මොකද රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක කිසිම දෙයක් කරන්න බැරි නිසා. ‘හදවතේ රචකයා’ ෆේස්බුක් පිටුව කරන මල්ලිට ගීතයක් නිර්මාණය කරමින් හිටියේ. නමුත්, හදිසියේම රට පුරා පැණවුණ හදිසි තත්ත්වයත් එක්ක ඒ සියලු වැඩ කටයුතු අතරමග නවත්වලා දාන්න වුණා. රටේ තත්ත්වය පහවෙලා ගියාම නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට එකතු වෙන්න තමයි අදහස් කරමින් ඉන්නේ. රංගන ශිල්පිනි උදාරි කෞශාල්යා එක්ක කරපු ‘උන්මාදයෙන්’  කියන ආදර ගීතය තමයි මම අන්තිමට එළිදැක්වුයේ. ඒ පසුගිය පෙබරවාරි 14 වැනිදා.

20200331Dinesh-1