රටේ තත්ත්වය නිසා නිවසටම සීමා වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අතිශය ජනප්‍රිය වූ ‘සකුගේ කතාව’ ටෙලි නාට්‍යය තුළින් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගන්නට සමත් වූ ප්‍රසන්න දේව් මේ දිනවල විකාශය වෙන ‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යය තුළද දැක ගැනිමට හැකිය. ‘කොරෝනා’ රෝගය දිවයින පුරා පැතිරිමත් සමග සියලු කලා කටයුතු ඇණ හිටි ඇති අවස්ථාවක දේව්ගෙන්ද අපි වර්තමාන තොරතුරු විමසුවා. මේ ඔහු අපිට දැක්වූ ප්‍රතිචාරයන්.

රටේ අද තියෙන තත්ත්වයක් සමග සියලුම කලා කටයුතු ඇණ හිටිලා තියෙන්නේ. මම දායක වෙලා හිටිය ටෙලි නාට්‍යය කිහිපයකත් රූපගත කිරිම් කටයුතු අතරමඟ නවත්වලා දැම්මා. ඒ හින්දා මේ දවස්වල නිවසටම වෙලා තමයි කාලය ගත කරන්නේ.  ගොඩක් වෙලාවට චිත්‍රපට, පොත්පත් නරඹලා කාලය ගෙවනවා. පසුගිය කාලයේ විවිධ කලා නිර්මාණත් එක්ක වැඩ කරපු නිසා ගෙදර අයත් එක්ක ලොකුවට සම්බන්ධකම් පවත්වන්න බැරිවුණා. නමුත්, රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක ගෙදර අයත් එක්ක වැඩිපුර ගත කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි මට. 

20200331Prasanna-2 20200331Prasanna-1