කලාකරුවන්ට ලැබුණු ප්‍රතිලාභ ගැන දිමංක කියූ දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ කලා ක්ෂේත්‍රයෙන් සෘජුව සහ වක්‍රව යැපෙන පිරිස අති විශාලයි. නමුත් මේ කොරොනා වසංගතය හේතුවෙන් ලංකාවම ඇඳිරි නීතිය යටතේ ක්‍රියාත්මක වන නිසා කලාකරුවන් සහ ශිල්පීන් සැවොම පත් වී තිබෙන්නේ විශාල අර්බුදයකටයි. මේ ගැටලු පිළිබඳව ජනප්‍රිය ගායක ශිල්පී රොෂාන් ප්‍රනාන්දු, භාතිය ජයකොඩි ඇතුලු පිරසක් පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. එහිදී කලාකරුවන් ඇතුළු කලා ක්ෂේත්‍රයෙන් යැපෙන පිරිස් වෙත ඉදිරි කාලයේදී ප්‍රතිලාභ රැසක් ලබාදීමට අග්‍රාණ්ඩුකාරවරයා එකඟ වී තිබෙනවා. මේ පිළිබඳව සඳහන් කරමින් සහ ඔවුන්ට ස්තුතිය පුදකරමින් නවක ගායන ශිල්පී දිමන්ක වෙල්ලාගේ සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කර තිබුණා.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්..

20200403Dimanka-1 20200403Dimanka-2 20200403Dimanka-3

කැලුම් දේවින්ද