ලෝක හෙද දිනය සමරන්න මිෂෙල්ටත් ආරාධනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය මැයි 12 වැනි දිනට යෙදී තිබුණු ලෝක හෙද දිනය වෙනුවෙන් ලංකාවේ සැමරුම් උත්සවයට ජනප්‍රිය රංගන ශිල්පී මිෂෙල් දිල්හාරට ආරාධනා කර තිබුණා. මෙම ආරාධනය මීගමුව රෝහලේ අධ්‍යක්ෂතුමන් විසින් සිදු කර තිබෙන්නේ. මෙම වැඩසටහනට සහභාගී වුණු මිෂෙල් ඇතුළු පිරිස පැල සිටුවා හෙද දිනය සමරා තිබෙනවා.

ඒ වගේම පසුගිය අප්‍රේල් 22 දිනට යෙදී තිබූ ලෝක මිහිතල දිනය වෙනුවෙන් පැවති උත්සවයට My Future My Voice වැඩසටහන ඔස්සේ මිෂෙල් දිල්හාරාට සහභාගී වීමටද අවස්ථාව ලැබුණා. මෙම උත්සවය සඳහා අති උතුම් පාප්වහන්සේද, 45 වන ඇමරිකානු උප ජානාදිපති ඇල්ගෝ මහතාද, ඇමරිකානු රාජතාන්ත්‍රික ලේකම් ජෝන් කෙරී මහතාද, හොලිවුඩ් නලු ලියනාඩෝ ඩිකැප්‍රියෝ, බොලිවුඩ් නලු අනිල් කපූර්ද, එක්සත් ජාතීන්ගේ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතාද සහභාගී වී තිබෙනවා. එහිදී ඇමරිකාවේ Washington DC නුවරේ පිහිටී ලෝක මිහිතල දින ( Earth Day ) ආයතනයෙන් ලෝක මිහිතල දිනයට සමගාමීව ඇයට තානාපති ධුරයක්ද ඇයට ලබා දී තිබෙනවා.

කැළුම්

20200520michel-1 20200520michel-02 20200520michel-03