චිත්‍රපට අවුරුදු කීපයකට කල්යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ක්ෂේත්‍රයේ මම වැඩ කරන්නෙ බොහෝ විට කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසයි. එහිදී හොඳ නිර්මාණයක් ලැබුණොත් තමයි මම ඒ වැඩේ බාරගන්නෙ. තෙත් සහ වියලි, සිරි සිරි මල්, කෝකිල සංධ්වනිය වගේ සම්මානනීය නිර්මාණවලට දායකවුණේ ඒ විදියටයි. ඊට අමතරව ජයන්ත චන්ද්‍රසිරි අයියා අධ්‍යක්ෂණය කළ ඝරසර්ප ඇතුළු වෙනත් තවත් චිත්‍රපට කීපයකටම කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

මම දකින විදියට මෙම කොරෝනා වසංගතය ඉදිරියේදී පහව ගියත්, චිත්‍රපට නිර්මාණයක් එළිදක්වන්න තවත් වසර කීපයක් අපට බලා සිටින්න සිදුවේවි. එනිසා කෝටි ගණන් වියදම් කරලා නිෂ්පාදකවරු අමාරුවෙ දාන්න මම කැමති නැහැ. චිත්‍රපට නිර්මාණය කිරීම ඒ නිසා තව වසර කීපයක් යනකල් අත්හිටුවලා තියෙන්නෙ. හැබැයි අපේ සිනේආර්ට් නිෂ්පාදන ආයතනයෙන් කරන ටෙලි නිර්මාණ හැටියට මේ දිනවල විකාශය වන්නෙ අහස් මාලිගා සහ හතේ කල්ලියයි. දැන් මේ කොරෝනා නිසා බොහෝ ටෙලි නිර්මාණ විකාශය නතර වුනත් අපේ ඒවා නතර නොවුණේ, කොරෝනා එන්න කලින් අපි කොටස් පනහකට ආසන්න සංඛ්‍යාවක් රූගත කර තිබුණු නිසයි. සාමාන්‍යයෙන් මේ දිනවල ලංකාවෙ සිද්ධ වෙන්නෙ මේ සතියෙ රූගත කිරීම් කරපුවා ඊළඟ සතියේ විකාශය කරවීමයි. ඒත් අපි ඉදිරියට කොටස් කීපයක් රූගත කර තිබුණු නිසා අපේ ඒවා දිගටම විකාශය වුණා. තව සති දෙක තුනකින් විතර අපි අපේ ඉදිරි වැඩපිළිවෙලට අනුගත වෙනවා. එහෙම කරන්නෙ මේ වසංගතය නිසා අනුගමනය කරන නීතිරීති වලට අනුවයි. ඊට පටහැනිව අපි ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.

සඳුන් ගමගේ

20200520Prabath-1