මිනිසුන්ගේ වගකීමක් නෑ වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංජය නිර්මාල්

මේ දිනවල විකාශය කෙරෙන සංසාරාරණ්‍ය අසබඩ නාට්‍යය සම්පූර්ණයෙන් රූගත කරලා ඉවරයි. හැබැයි සම්පූර්ණයෙන් සංස්කරණය කරලා තිබුනෙ නැහැ. ඒ නිසා පසුගිය දිනවල බොහොම අමාරුවෙන් සතියට දිනක් දෙකක් කොළඹ ඇවිල්ලා ඒ වැඩේ කරගෙන ගියා. ඒ හැර පසුගිය කාලයේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු නිසා කාර්ය බහුල වෙලා හිටියෙ. ඒ නිසා කියවීම ලිවීම යන මගේ වැඩ ටිකත් අතපසු වෙලා තිබුණෙ. ඒ නිසා මේ ලොක්ඩවුන් කාලයේදී කියවීම උපරිමයෙන් කළා. ඒ අතරේ අලුත් පිටපතක් ලිව්වා. නවකතාවක් ලියමින් සිටියෙ, ඒක ඉවර කර ගන්නත් හැකි වුණා. අලුත් චිත්‍රපටය රූගත කරන්න හිටියෙ, මේ මැයි මාසයේයි. ඒත් ඒක දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවුණා. ටෙලිනාට්‍ය අංශය ගැන කතා කළොත් අනෙක් සෑම ක්ෂේත්‍රයකම අය වගේම අපිත් යම් - යම් ආර්ථික ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීලා. ඒ කොයිහැටි වෙතත්, මේ ලොක්ඩවුන් කාලයේදී මුදලට වඩා වැඩි යමක් කියැවීමෙන් ලබා ගන්න මට පුළුවන් වුණා. 

මේ ස්වභාවය අතරේ තත්ත්වය තරමක් ලිහිල් කළ මේ මොහොතේ කොළඹ ආවා. කොළඹ ආවාම මට ඇතිවුණේ හරි දුකක්. බොහෝ මිනිස්සු කිසිදු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් හෝ රජය සෞඛ්‍ය අංශ කියන කිසිවක් අනුගමනය නොකරන බව දැක ගන්න ලැබුණා. හරියට පෙර පැවැති ඉතා සාමාන්‍ය දිනකදී වගේ මිනිස්සු හැසිරුණේ. මිනිසුන්ට මෙහි බරපතළකම නොතේරෙන ගාණයි. මේක ඉතා භයානක තත්ත්වයක්. සමහර විට මේ ලිහිල් කිරීම තවත් මහ ව්‍යසනයකට පාර කැපීමක් වේවි. රට කවදාහරි විවෘත කරන්න වෙනවා. ඒක ඇත්ත. ඒත් මිනිස්සු මීට වඩා වගකීමෙන් කටයුතු නොකළොත් මේ සියල්ල ගඟට කැපූ ඉනිවගේ වේවි.

​සඳුන් ගමගේ

20200521Sanjaya-1