taxi එක්ක යන ගමන ගැන දිලේෂ් කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200601dilesh-02

දිලේෂ් වෙලිංග්ටන් කියන්නේ කාලයක් පුරාවටම සංගීත ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන නිර්මාණකරුවෙක්. දිලේෂ් පසුගිය දිනවල ඔවුන්ගේ taxi සංගීත කණ්ඩායමෙන් අළුත් ගීතයක් එළිදැක්වූවා. ඒ වගේම පහුගිය කෝවිඩ් කාලයේදී යූ ටියුබ් එකෙන් පවා taxi කණ්ඩායමේ නිර්මාණ දකින්න ලැබුණා. ඉතින් මේ ඒ ගැන දිලේෂ් සමග සාරවිට කරපු සාකච්ඡාවක්.

දිලේෂ්, මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල ප්‍රධාන වැඩකටයුතු ඔක්කොම මග නැවතිලා තියෙන්නේ. මේ කොරොනා වසංගතය නිසා ගෙදරට වෙලා ඉන්න නිවාඩුවක් ලැබුණා. හැබැයි මේ කාලේදී අපි යූ ටියුබ් පැත්තට පොඩි නැඹුරුවක් වුණා.

අළුත් ගීතයක් එළිදැක්වූවා නේද?

ඔව්. ‘ඉස්කෝලේ’ කියලා බයිලා හැඩයේ ගීතයක් එළිදැක්වූවා. අවුරුදු දෙකකට විතර කලින් පාසැල් කාලේ ඉවර කරපු මල්ලි කෙනෙක් තමයි මට මේ ගීතය ලියන්නේ. ඔහු තමයි ඔනීෂ් ද මෙල්. ගීතය මියුසික් කරන්නේ අපේ බෑන්ඩ් එක වන ටැක්සි බෑන්ඩ් එකයි. ගීතය taxi entertainment යූ ටියුබ් නාලිකාව හරහා නරඹන්න පුළුවන්. ගීතය හදන්න පටන් අරගෙන අවුරුදු කිහිපයක් වෙනවා. මේ කාලේදි තමයි සම්පූර්ණ කරලා ඉවර කරගන්න පුළුවන් වුණේ.

20200601dilesh-01

cover නිර්මාණ කරන්න පටන් ගත්තේ ඇයි?

අපි පහුගිය දවස්වල අපේ යූ ටියුබ් චැනල් එකට වැඩි ඉඩක් වෙන් කරන්න හිතුවානේ. ඉතින් යූ ටියුබ් එකට වීඩියෝස් දාන්නේ නැතිව එතැන අපිට ඕඩියන්ස් එකක් නිර්මාණය වෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි අපි cover නිර්මාණ කිහිපයක් කරන්න හිතුවේ. ඇත්තටම ඒ cover වලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

taxi කණ්ඩායම ගැනත් කියමු?

ඔව්. taxi සංගීත කණ්ඩායම ආරම්භ වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි. මේ කෙටි කාලේට අපිට හැකි වුණා කණ්ඩායමක් විදිහට හොඳ ගමනක් එන්න. අපිට හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදුණා. ඒ වගේම අපිට ඉවෙන්ට්වලට ආරාධනා ලැබෙනවා. පහුගිය කොරොනා කාලේ නිසා නම් ලැබුණු ඉවෙන්ට් සියල්ලම කල් ගියා. ඉදිරියේදී මගේ නිර්මාණ දකින්න ලැබෙන්නෙත් taxi හරහාම තමයි.

දිලේෂ් කියන්නේ බයිලා පැත්තටම බර ගායකයෙක්ද?

පෞද්ගලිකවම මම කැමති බයිලා ගීතවලට. මගේ පලමු ගීතයත් බයිලා ගීතයක්. සමහරු බයිලා ගීත කරන්න මැලි කමක් දක්වනවානේ. මට නම් එහෙම නැහැ. අපේ බෑන්ඩ් එකත් ප්ලේ කරද්දි බයිලා පැත්තට පොඩි නැඹුරුවක් තියෙනවා කියන්නත් පුළුවන්.

ඉවෙන්ට් වලදී බයිලා ගීතවලට හොඳ ඉල්ලුමක් තියෙනවා නේද?

ඔව් ඇත්තටම. විශේෂයෙන් ඩිනර් ඩාන්ස්වලදි, වෙඩින් වලදි බයිලා ගීත ගොඩක් අය ඉල්ලනවා. ශ්‍රී ලංකන් ස්ටයිල් එකේ බයිලාවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මට එක්තරා මංගල උත්සවයකදි වොලී බැස්ටියන් මහතාගේ නෑදෑයෙක් හම්බෙලා කිව්වා ඉස්සරම කාලේදී කොළඹ හතේ අය අහලා තියෙන්නේ කපිරිංඥා බයිලාලු. ඉතින් බයිලා ගීත එක්ක අපේ සංගීතයට විශාල බැඳීමක් තියෙනවා.

දිලේෂ් පැමිණි සංගීත ගමන ගැන අද මොකද හිතෙන්නේ?

සංගීතයේ වැඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු දොළහකටත් ආසන්නයි. බේස් ගිටාර් කෙනෙක් විදිහට වැඩ කරලා ඒ ලැබුණු අත්දැකීම් විශාලයි. එතකොට විශිෂ්ට කලාකරුවෝ ආශ්‍රය කරන්න ලැබුණා. දැන් taxi එක්ක වැඩ කරද්දි ඒ බේස් ගිටාර් චරිතය ටිකක් වෙනස් වුණා. ඇත්තටම මේ ආපු ගමන ගැන හැරිලා බලද්දි ලොකු සතුටක් තියෙනtවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

අපි ගීත කිහිපයක් නිර්මාණය කරමින් යනවා. ඒ ටික ළඟදීම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී යූ ටියුබ් එකට taxi බෑන්ඩ් එකේ ලයිව් වැඩ කිහිපයක් කරන්නත් බලාගෙන ඉන්නවා. ඒ වගේම taxi එක්ක දුර ගමනක් යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කැළුම් දේවින්ද

20200601dilesh-03