මං ආදරේ කරන ගෑනූ ළමයෙක් දිහා බලන් ඉන්නවා වගේ ලෝකේ කොහේ හිටියත් බෑන්ඩ් එකේ දේවල් ආසාවෙන් බලනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ඇය කියලා නෑ. ‘ සින්දුව ලියැවුණේ ටික කාලෙකට කලින්. එය මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක ලියැවුණු ගීතයක්. ලංකාවේ ඉන්න කාලේ මමයි මනුරංගයි සින්දුවේ මුල් ටික ලිව්වා. ඉතුරු ටික මං ලිව්වේ මෑතකදි චරිත අත්තලගේ සින්දුවක් කරමු කිව්වාම. අමෙරිකාවේ ඉඳන්ම මම මගේ නිර්මාණ කොටස කරද්දි චරිත ලංකාවේ ඉඳන් සින්දුව හැදුවා. මේ සින්දුවේ ඇතුළේ තියෙන වෙනසට මම හරි කැමැතියි. සින්දුව විඩීයෝවත් එක්කම අවුට් කරන්න මිශාන් වර්ණකුලසූරිය, බිමේෂ් ජයරත්න, තිරුණ ප්‍රනාන්දු, සචින්ද්‍ර නදීෂාන් සහ ගම්‍යා වගේ කිහිප දෙනකුගේම සහයෝගය ලැබුණා. හිතුවාට වඩා වැඩේ සාර්ථකයි. “

“ මම අමෙරිකාවේදි ඉගෙන ගත්තේ සංගීතය ගැන. පහුගිය අවුරුදු හයේ උපාධි දෙකක් ගත්තා. අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙන්නයි හැමවෙලේම අවශ්‍ය වුණේ. ඉතින් අධ්‍යාපනයට සහ රැකියාවට මූලිකත්වය දුන්නම නිර්මාණ කටයුතුවලට කාලය වෙන් කර ගන්න අසීරු වුණා. දැන් දිගටම නිර්මාණ කරන්නයි අදහස. මට මගේම අනන්‍යතාවක් ගොඩ නගා ගන්න ඕනේ. හැමදේම බිංදුවේ ඉදන් පටන් ගන්න වෙනවා. නමුත් ළඟ ළඟ සින්දු කිරීමේ ආසාවක් නෑ. දැන් කරපු සින්දුවලට හුස්ම ගන්න කාලයක් දීලා තව ගීත කිහිපයකුත් කරලා ආයෙත් ලංකාවට ඇවිත් යන්න එනවා. “

ඉස්සර වගේම සැහැල්ලුවෙන් කතා බහට එක් වුණත් ගෙවුණු අවුරුදු කිහිපය ගයාන් ගේ අප දැක තිබූ ඒ කෙළිලොල් තාරුණ්‍යයයේ සිතිවිල පරිණත වී ඇති දෝ හැඟුණු නිසාවෙන්ම පසුගිය අවුරුදු හයහමාරක ජීවිතය ගෙවුණු අයුරු ද අසන්න හිතුණා.

“මම ලංකාවෙන් ආවේ කිසිම කලකිරීමකින් නෙවේ. මට ඕනේ වුණේ ලංකාවෙන් එළියට ගිහින් අරමුණක් වෙනුවෙන් ඉගෙන ගන්න. ඉතින් ඒ කාපූ කට්ටේ සතුටක් තිබුණා. ඒ අවුරුදු හයහමාර හරිම සුන්දර කට්ටක්. ටේබල් වේටින්, ෆුඩ් ඩිලිවරි, ඌබර් වගේ විවිධ රැකියා එකසිය ගාණට කළා. මම කාගේ කවුද කියලා මෙහේ අයට වැඩක් නෑ. මේක වෙනම ලෝකයක්. මිනිහෙක් දියුණු වෙන්න නම් මහන්සි වෙන්නම ඕනේ. මගේ එක උපාධියක් සම්පූර්ණ කළේ එහෙම මහන්සියෙන් උපයපු සල්ලිවලින්. හැමදේම තිබුණත් මිනිහෙක්ට අරමුණක් නැත්නම්, ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වුණේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් මම මේ කට්ටට කැමතියි සහ ආදරෙයි. “

හැමදේම නැතුවත් අරමුණු නැතිව ඕහේ ගෙවෙන ජීවිත අතරේ හැමදේම තිබියදීත් අරමුණක් වෙනුවෙන්, ඒ අරමුණ සොයා යන්න ඔහු ගත් වෙහෙස, මුහුණ දුන් අභියෝග අද ඔහුට හරි සුන්දර සතුට දනවන අත්දැකීම් වී ඇති නිසාවෙන් තව තවත් ඒ ගැන අහන්න මම උත්සුක වුණා.

“ ඒ කාලේ තාත්තා අමෙරිකාවේ ටුවර් එකක් ගිහින් එද්දි බීට්ල් සංගීත කණ්ඩායමේ ඩී.වී.ඩි. තැටියක් ගෙනත් තිබුණා. මම එතකොට ඒ ලෙවල් කරනවා. ඒක අහලයි මියුසික් කරන්න කැමැත්තක් ආවේ. අමෙරිකාවට ආවෙත් ඒ කැමැත්ත නිසා. ලොකු කමකට කියනවා නෙවේ. පොඩි කාලේ ආස කරපු ලෝක ප්‍රසිද්ධ කලාකරුවෝ මෙහේදි දකිනවා මුණගැහෙනවා.

ඒවා අදහා ගන්න බැරි තරම් ආසා හිතෙන අත්දැකීම්. මෙහේ ඇවිත් හිතුවාට වැඩි දේවල් ලැබුණා. ‘බොරුකාරී‘, ‘මස්සිනා‘කරද්දි හිට් වෙලා මේ වගේ තැනකට ඒවි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒ කාලේ හැමදේම කළේ සැහැල්ලුවෙන්. නමුත් දැන් ඊට වඩා වෙනස්. ලංකාවට කීර්තියක් ගේන එක මගෙත් හීනයක්. ඒකට තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. නිර්මාණ කරලා මිනිසුන්ගේ ආදරේ උපයනවා කියන්නෙත් වාසනාවක්. ඉතින් ඒ ආදරේ වෙනුවෙන් අපිත් දෙයක් කරන්න ඕනේ. නැත්තම් මේ ජීවිතේ තේරුමක් නෑ.“

වසර හයකට පසු ගයාන් නිර්මාණයක් එක්ක ආයෙත් ඇවිත්...ඔහුට පෙම් බැඳි රසිකයන් ඔහුගේ නව ගීත සමඟ තව තවත් ඒ හඬට පෙම් බඳින්නට පටන් අරන්. ඒ අතර ඔවුන්ගේ හිත රැඳි මේ ගායකයා නැවැත ‘ඩෑඩී‘සංගීත කණ්ඩායම හා එක්ව ගී ගයනු ඇති දැයි ආසාවෙන් පෙර මං බලා සිටින රසිකයන් වෙනුවෙන් ඒ ගැනද ඔහුගෙන් අහන්න අමතක කළේ නෑ. ගයාන් ඒ ගැන අපට දුන්නෙ මෙහෙම පිළිතුරක්.

“ මට හරි සතුටුයි ‘ඩෑඩී‘බෑන්ඩ් එකේ අද ස්ථාවරත්වය ගැන. ඔවුන් සාර්ථකව ඒ ගමන යනවා. මම බෑන්ඩ් එකෙන් අයින් වෙලා ආවේ ආයෙත් බෑන්ඩ් එකට එකතු වෙන අදහසින්. නමුත් අධ්‍යාපන කටයුතු එක්ක අමෙරිකාවේ රැඳි තව තවත් සංගීතය ගැන හදාරන්න මම පස්සේ තීරණය කළා. ඒ අතර ඔවුන් අලුතින් බෑන්ඩ් එක පටන් ගත්තා. හැමදේම හොඳින් සිදු වුණා. අපි තවමත් හොඳ යාළුවෝ.

‘ඩෑඩී‘එක්ක සින්දුවක් කරන එක ගැන මගේ ගැටලුවක් නෑ. ඔවුන්ගේ සැලැසුම් ගැන මම දන්නේ නෑ. නමුත් reunion show එකක් ගැන නම් පොඩි අදහසක් තියෙනවා. මොනවා වුණත් ‘ඩැඩී‘බෑන්ඩ් එක මගේ ජීවිතේට සමීපයි. මං ආදරේ කරන ගෑනූ ළමයෙක් දිහා බලන් ඉන්නවා වගේ ලෝකේ කොහේ හිටියත් මං ඉන්ටර්නෙට් එකෙන් බෑන්ඩ් එකේ දේවල් ආසාවෙන් බලනවා.

අරුණි කළුපහන

20200730Gayan-1 20200730Gayan-2