ක්ලයිව්ගේ 7 වැනි ගුණසමරුවට දිළිඳු පවුල්වලට ආධාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිරනාටක රචකයකු, සම අධ්‍යක්ෂවරයකු මෙන්ම අධයක්ෂවරයකුද වූ ක්ලයිව් මාටෙන්ස්ගේ 7 වැනි ගුණ සමරුව අදට (අගෝස්තු 02) යෙදී තිබේ.

මේ දිනවල කරළියේ රඟදැක්වෙන ‘මල්වඩම් අනවශ්‍යයි’ වේදිකා නාට්‍යයේ රචකයාද ඔහුය. පිළිකා රෝගයෙන් මියගිය ක්ලයිව් වාර්තා හා වෙළෙඳ දැන්වීම්ද අධයක්‍ෂණය කළ අතර, ඔහු නිර්මාණ කළ කාසල් රෝහල පිළිබඳ වාර්තා වැඩසටහන වෙනුවෙන් රටවල් 21 කින් පමණ එම රෝහලට ආධාර ලබාදීමට සමත්වී තිබුණි.

චෙරියෝ හොල්මන්, සාජන්ට් නල්ලතම්බි, ලොක්කයියා, හිමගිර මුදුන, ඩබල් ට්‍රබල්, දිගු සෙවණැලි, මල්වඩම් අනවශයයි වැනි නිර්මාණ රැසකට තිර රචනයෙන්ද සම අධ්‍යක්ෂණයෙන්ද ඔහුදායක විය.

ක්ලයිව් වෙනුවෙන් මීට පෙර 6 වතාවක් මහරගම අපේක්ෂා රෝහලේ ඔහු සිටි වාට්ටුවට උදව් උපකාර කළ බවත්, මෙවර කොරෝනා වසංගතය නිසා එම කටයුත්ත සිදු නොකරන බවත්, ඒ වෙනුවට දිළිඳු පවුලකට හා වකුගඩු රෝගයෙන් පෙළෙන පවුලකට මසකට සෑහෙන වියළි ආහාර ද්‍රව්‍ය සමඟ මුදල් පිරිනැමීමක් සිදු කරන බවත්, ඔහු වෙනුවෙන් රාවතාවත්ත මෙතෝදිස්ත දේවස්ථානයේ ඉරුදින පූජාවක්ද (අගෝස්තු 02) පවත්වන බවත් භාර්යාව වන බෙරිල් මාටෙක්ස් ‘සදැල්ල’ ට පැවැසීය.

සමන්ත යහම්පත්

20200730Kalvi-1