වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය කෘතිය අද ජනගත වේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාරූපණය,සිනමා අධ්‍යක්ෂණය සහ වාර්තා චිත්‍රපටකරණය අළලා සිනමා විචාරකයකු වන ජීවන්ත දයානන්ද විසින්  රචිත "වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය" නැමැති අභිනව සිනමා සාහිත්‍ය කෘතිය කොළඹ 7 මහවැලි කේන්ද්‍රය ශ්‍රවණාගාරයේ දී සැප්තැම්බර් මස 15 වනදා සවස 3.00 ට ජනගත වේ.

එම උත්සවයේ දී ප්‍රවීණ සිනමා රූපණවේදී සහ සිනමාවේදී සනත් ගුණතිලක, ප්‍රවීණ සිනමා රූපණවේදිණී ස්වර්ණා මල්ලවආරච්චි,ප්‍රවීණ සිනමා රූපණවේදී සෞම්‍ය ලියනගේ සහ නව පරපුරේ කලා විචාරකයක සහ සිනමාවේදී චින්තන ධර්මදාස ධර්මසිරිගේ කලා ජීවිතය අළලා විමර්ශනය කරනු ඇත.

උළෙලේ කථනය ප්‍රවීණ රූපණවේදිණී යශෝධා විමලධර්ම ගෙනි.

'වම් ඉවුරේ තුන්වැන්නා- ධර්මසිරි සිනමාවලෝකනය'නබෝ ප්‍රකාශන ආයතනයේ කුලුඳුල් සාහිත්‍යය ප්‍රකාශනයයි.
කෘතියේ මිල - රුපියල් 1000
දොරට වැඩුම් උළෙලේ විශේෂිත වට්ටම් මිල 800

විමසීම් - ලහිරු රන්දික - නබෝ ප්‍රකාශන-0774587972

20200914Drama-1