උපන් දිනේ මතකෙට එන්නේ අගමැතිතුමා සුබ පතද්දී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200917Pathegama (3)ප්ර්වීණ ගීත රචක හිමිනමක මෙන්ම ලේඛක හිමිනමක ලෙසද ප්ර.සිද්ධ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ ශ්රී  ලංකා භික්ෂු විශ්වවිද්යා ලයේ කථිකාචාර්ය තනතුරක් හොබවති. උන් වහන්සේගේ උපන් දිනය යෙදෙන්නේ සැප්තැම්බර් 25 වැනිදාට බැවින් අපි උන්වහන්සේගේ උපන් දිනය හා බැඳුණු විශේෂ සිදුවීම් ගැන විමසුවෙමු. 

අපේ හාමුදුරුවනේ පුංචිම දවස්වල උපන් දින වල මතකය කොයි වගේද?
මම උපන්නෙ වැලිගම පාතේගම. අපේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මමයි මල්ලිලා දෙන්නයි හිටියෙ. ඉතින් ඔය පුංචි දවස්වල උපන් දිනයක් කියන එක කොහොමටවත් වැදගත් වුණේ නැහැ. උපන්දිනයක් ගැන මං දැනන් උන්නෙත් නෑ. හැබැයි එදාට අම්මා මාවයි අක්කයි මල්ලිවයි අඬගහගෙන ජඹුරෙගොඩ පන්සලට යනවා. ගිහින් පහන් පත්තු කරල බෝධි පූජාවක් එහෙම පවත්වනවා. ඊට පස්සෙ නායක හාමුදුරුවො මගේ අතේ පිරිත් නූලක් ගැටගහනවා. ඒක තමයි උපන් දිනේ.

එතකොට කේක් කැපිලි කිරිබත් ඉවිලි එහෙමත් නැද්ද හාමුදුරුවනේ.
ඒ කිසිම දෙයක් නැහැ. එතකොට ඉස්කෝලෙ යද්දි එහෙම මම ගියේ වැලිගම මහා විද්යාසලයට. ඒත් කිසිම දවසක උපන් දිනයක්  කියලා දවසක් ඉස්කෝලෙදි නම් සමරලා නැහැ. මගෙ විතරක් නෙවෙයි වෙනින් ළමයෙක්ගෙ වත් උපන්දින සැමරුමක් ගැන මතකයක් නැහැ. 

ඊට පස්සෙ ඔබ වහන්සේ මහණ වෙනවා. එතකොට පන්සලේදි නම් උපන් දිනය සමරන්න ඇති බෝධි පූජාවක් වුණත් පහසුවෙන්ම පවත්වන්න පුළුවන්නෙ?
විශ්වාස කරන්න මහත්තයෝ පන්සලේදි නම් උපන් දින සැමරුමක් තිබිලම නැහැ. ඇත්තටම අපි මහණවෙන්නෙ පෞද්ගලික දේවල් ලෞකික දේවල් අතහැරලානෙ. එතකොට උපන් දිනය වගේ දේවල් නොසලකා හරින එක තමයි හොඳ. ඒ වගේ දේවල් බදාගෙන නොඉන්න එකත් හිතට සැනසිල්ලක්. 

පසුකලෙක ඔබ වහන්සේ බුද්ධ ශ්රා.වක ධර්ම පීඨයෙ කථිකාචාර්ය හිමිනමක ලෙස සේවයට යනවා ඒ කාලෙදිත් උපන් දින සැමරුම් තිබුණෙ නැද්ද?
නැහැනේ. මට මතක නෑ එකම උපන් දිනයක් ගැනවත් 

එතකොට හාමුදුරුවනේ අද වෙද්දි කොහොමද අදත් උපන් දින ගණන් ගන්නෙ නැද්ද?
ඇත්තම කිව්වොත් අපේ අගමැති තුමා උදේ පාන්දරම කතා කරලා සුබ පතනකන් මට මගේ උපන් දිනේ මතක් වෙන්නෙ නැහැ.

අගමැති තුමා මතක් කරලා දුන්නාට පස්සෙ?
අන්න එතකොට නම් මහත්තයො මට හිතෙනවා ගමට යන්න. ගමේ ගිහින් මගේ නායක හාමුදුරුවන්ට අට පිරිකරක් පූජා කරලා උන් වහන්සේගේ ආශිර්වාදය ලබාගන්න. ඒ වගේම ගෙදර ගිහින් අම්මව බලලා අම්මගෙ ආශිර්වාදය ලබාගන්න.
ඊට පස්සෙ අක්කගෙයි මල්ලිලා දෙන්නගෙයි දරුවො නව දෙනෙක් ඉන්නවා. ඒ හැම දරුවෙක්ම මට සුබ පතන්න බලාගෙන ඉන්නවා.

අදත් උපන් දිනේ දවසට බෝධි පූජාවක් එහෙම පවත්වනවද හාමුදුරුවනේ.
ඔව්. පිරිත් කියනවා
බෝධි පූජා පවත්වනවා
අසරණ වුණු කෙනෙකුට පිහිටක් වෙනවා. පොතක් පතක් ගීතයක් ලියන්න පටන් ගන්නවා.
ඒවයින් තමයි මහත්තෙයා ජීවිතය අර්ථවත් වෙන්නෙ මගේ උපන්දිනේට තවත් කෙනෙකුට පිහිටක් වෙන්න කියලා මට හැඟෙන්නෙ. 

උපන් දිනේ දවසක මුලින්ම ලියපු ගීතය මතකද හාමුදුරුවනේ.
රන් කරල් පැහී ඇල් පවනෙ සැලේ
ගොවි බිසව් මුවෙන් හසරැල් විසිපේ
රන් කරල් කැපේ අස්වනුත් ලැබේ
අතු පැලෙන් සිනා කඳුලැල් පැතිරේ
මේ ගීතය එච්.එම්. ජයවර්ධනගෙ සංගීතයට ගායනා කළේ කරුණාරත්න දිවුල්ගනේ.
ඉන් පස්සෙ හැම උපන්දිනේ දවසකම මට ගීතයක් ලිවීම පුරුද්දක් විදිහට කරනවා. 

එතකොට උපන් දිනය දවසක ලියන්න පටන් ගත්තු පොතක් එහෙම මතකද?
මම ආචාර්ය උපාධියට කලේ අපරාධ විද්යාතව සහ බුදුසමය. ඒ වෙනුවෙන් මම ලියපු නිබන්ධනය මම මුද්රටණය කරන්න පටන්ගත්තෙ 2015 අවුරුද්ද මගෙ උපන් දිනය දවසෙදි.

ඔබ වහන්සේ ප්රතකාශ කළා අසරණ කෙනෙකුට පිහිට වෙනවා කියලත්.
ඔව්. මේ වෙද්දිත් ගමේ අසරණ පවුල් දෙකකට මං ගෙවල් දෙකක් හදලා දීලා තියෙනවා.

ඒවට මුදල් එහෙම
ඒක හොඳ ප්රඑශ්නයක් මහත්තයො මට බැංකු ගිණුම් දෙකක් තියෙනවා. එකක් මගෙ වැටුප වැටෙන ගිණුම. අනෙක මට ලැබෙන පිරිකර විකුණලා මුදල් දාන ගිණුම. මෙන්න මේ දෙවැනියට කියපු ගිණුමට එකතුවෙන සල්ලි මං යොදවන්නෙ අර කිව්ව වැඩවලට. අනුන්ට උදව්වක් එහෙම කරන්න. 
දැන් ඔය මං හදල දුන්නයි කිව්ව ගෙවල් දෙකටම අවශ්යු මුදල් හොයා ගත්තෙ පිරිකර විකුණලා. එතකොට මට මේ පිරිකර පුජා කරපු උපාසක ඇත්තන්ටත් මේ පිංකම් වලින් පින් ලැබෙනවා. මම පිංකමක් කරන හැම වෙලාවකම මට පිරිකර පූජා කළ අර උපාසක ඇත්තන්ටත් ඒ පින් බෙදා දෙනවා. ඔවුන්ගෙ මලගිය ප්රාවණකාරයන්ට මේ පිං අනුමෝදන් කරවනවා.

ශාන්ත කුමාර විතාන

20200917Pathegama (1)