‘කොවිඩ්’ නිසා මගේ වැඩ ගොඩක් හිර වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අදටද ජනප්‍රිය වී ඇති ගීත කිහිපයක්ම ගායනා කර ඇති උදය ශ්‍රි වික්‍රමසිංහ පිළිබඳව අමුතුවෙන් හඳුන්වාදීමක් කිරීම අනවශ්‍යය. තරුණ පිරිස් අතර ඉහළින්ම වැජඹෙන යොවුන් ගායන ශිල්පියෙකු වන උදය මේ වනවිට විදෙස්ගතව සිටියි. නිර්මාණ බොහෝමයක් නිකුත් කරන්නට සූදනමින් සිටින උදය ඒ පිළිබඳව අපිට පැවසුවේ මෙවැන්නකි.

‘මගේ වැඩ ගොඩක් මේ දවස්වල ඇණහිටලා තියෙන්නේ. හේතුව තමයි ‘කොවිඩ් 19’ රෝගය ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තියෙන නිසා. ලංකාවේ තත්ත්වයත් දැන් තියෙන්නේ ටිකක් නරක අතට. එහෙම වෙද්දි අලුත් නිර්මාණයක් දාන්න බැහැ. මේවා ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි අලුත් නිර්මණයක් නිකුත් කරන්න හිතාගෙන ඉන්නේ. මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ. මෙහෙත් ‘කොවිඩ්’ තත්ත්වය ලොකුවට නැතිවුණත් හැමෝම ඉන්නේ ගොඩක් පරිස්සමින්. 

20201015Udaya-1