අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් නික්මෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිනමාව, පුංචි තිරය සහ වේදිකාව තුළින් දශක ගණනාවක් පුරාවට ඇය සිය ප්‍රේක්ෂකයින් පිනවීමට සමත් වුණා. එමෙන්ම ඇය ගායන ශිල්පිනියක් ලෙසද කලා ක්ෂේත්‍රයේ නමක් රන්දා තිබුණා. ලූෂන් බුලත්සිංහල මහතාගේ 'රතු හැට්ටකාරී' වේදිකා නාට්‍යයේ 'දීකිරි දීකිරි' ගීතය ගායනා කරන දීකිරි වෙළෙන්දිය චරිතය තුළින් අනුලා බුලත්සිංහල මහත්මිය විශාල ජනප්‍රියත්වයක් ලබා තිබුණා. ඇගේ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් දැනුම් දීමක් සිදු කර නැහැ. 

 

20201016Anula-1