සමනලී ෆොන්සේකාගේ පියා ආනන්ද ෆොන්සේකා අභාවප්‍රාප්තවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, රංගන ශිල්පියෙකු වන ආනන්ද ෆොන්සේකා මහතා අද(16) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවිය.

ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ මලණුවන් වන ආනන්ද ෆොන්සේකා මහතා, රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ පියා ද වේ.

වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු 'උමංගයනා' සිනමාපටයට සහ 'කෙම්මුර' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන්ද නිෂ්පාදනයෙන්ද දායක වූයේය. 'කෙම්මුර' ටෙලිනාට්‍යය වෙනුවෙන් ඔහු සම්මාන ලැබීය.

පාසල් කාලයේ සිට ම වේදිකා නාට්‍යවල රඟපෑ ඒ මහතා, 'තිලක සහ තිලකා', 'එයා දැන් ලොකු ළමයෙක්', 'ටිකිරා' වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූයේය.

අංක 51,  ධර්මාලෝක මාවත,  වරාගොඩ, කැලණිය යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී දේහය තැන්පත් කර  ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා(18) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

20201016Samanali-1